රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව භූමිය මායිමෙන් ගලා බසින, බන්ධනාගාරයේ දෙපාර්තමේන්තුවේ අප ජලය සහිත කානුව

ඉවතලන ඉඳුල් හා ප්ලාස්ටික් බෝතල් වැනි ඝන අපද්‍රව්‍ය එක්රැස්වීමෙන් නිරතුරුවම අවහිර වී මේ දිනවල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන ස්ථානයෙහි අපජලය පිරී පවතී.

එම තත්වය තුල එම ස්ථානයෙහි දැඩි දුර්ගන්ධයක් හමන අතර මදුරුවන් සහ වෙනත් පලිබෝධයින් බෝවීමේ තර්ජනයකට ද ලක්ව තිබේ.

එය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලයට මෙන්ම පරිශ්‍රය ආශ්‍රිත සියළු පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා අවධානම් තත්ත්වයකි.

විශේෂයෙන්ම මේ දිනවල දෙපාර්තමේන්තුවේ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදුකරන ලබන හෙයින් එහි ආරක්ෂාවට අනුයුක්ත දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට එම පරිශ්‍රයේ ස්ථානගතව රාජකාරි කටයුතු ඉටු කිරීමට අපහසු තත්ත්වයක් මෙමගින් උද්ගතව ඇත.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ බන්ධනාගාරයට අල්ලපු ඉඩමේය.

 

මුද්‍රණාලයාධිපතිනීය, බන්ධනාගාර ලොක්කට ලියයි :

මෙසේ බේස් ලයින් මාවතේ හරහා ඇති ප්‍රධාන ජල කානුව අවහිර වීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිත දැනුම් දීමක් කර ඇත.

ඉවතලන ආහාර, ඉඳුල් හා ප්ලාස්ටික් බෝතල් වැනි ඝන අපද්‍රව්‍ය මෙම කානුවට බැහැර කිරීමෙන් වැළකීමට කටයුතු කරන ලෙස ඔබ ආයතනයේ කාර්යය මණ්ඩලය දැනුවත් කරන ලෙසත්, අපද්‍රව්‍ය පහලට ගලා ඒම තවදුරටත් වැලැක්වීම සඳහා ඔබ පරිශ්‍රය මායිමෙන් අවම වශයෙන් මීටර් 10 පමණවත් ඇතුලට වන සේ කානුව තුලට යකඩ දැල් ආවරණයක් යෙදීමට  කඩිනමින් කටයුතු කරන ලෙසත් රජයේ මුද්‍රණාලයාධිපතිනීය එම ලිපිය මගින්
කාරුණිකව ඉල්ලා තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්