මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයක් මත ආනයනික එතනෝල් කන්ටේනර් ගණනාවක්

නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශගේ 'ජාතික නිදහස් පෙරමුණ' විසින් පවත්වාගෙන යන 'ලංකා ලීඩ් නිව්ස් (Lanka Lead News) විසින් වාර්තා කර ඇත්තේ, ''ජනපතිගේ නම විකුණා භාණ්ඩාගාර ලේකම් එතනෝල් කන්ටේනර් 60ක් රේගුවෙන් පැන්නීමට බලපෑම් කරලා'' යනුවෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම යොදා ගනිමින් රේගු අධ්‍යක්ෂවරයාට බලපෑම්සහගත ලිපියක් ලියමින් ව්‍යාපාරික හැරී ජයවර්ධන සතු සමාගමක් විසින් නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් මධ්‍යසාර කන්ටේනර් 60ක් නිදහස් කිරීම සදහා බලපෑම් කළ බවට නාගානන්ද කොඩිතුවක්ක චෝදනා කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

Lankaleads

 

නියෝගයක් දුන්නේ කව්ද ?

මේ සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන ගේ 'ශ්‍රී ලංකා ඩිස්ටිලරිස්' දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම විසින් ගෙන්වා තිබු එතනෝල් කන්ටේනර් පිළිබඳව විමර්ශනය කර අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්, එස්.ආර්. ආටිගල ගෙන් පසුගිය ජුනි 24 දා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් ලැබී තිබු බවයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එම ලිපිය යොමුකර ඇත්තේ, මෙම එතනෝල් කන්ටේනර් රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා ඩිස්ටිලරිස්' සමාගම විසින් ජනාධිපති කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු, ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස  ජනාධිපති අතිරේක ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන විසින් පසුගිය දා සිදු  කර තිබු දැනුම් දීමකට අනුවය.

 

ජනවාරි 01 සිට එතනෝල් ගෙන්වීම තහනම් !

2020 ජනවාරි 01දා සිට රට තුලට එතනෝල් මධ්‍යසාර ආනයනය තහනම් කර තිබිය දී මෙම එතනෝල් මෙරට ගෙන ආවේ කෙසේදැයි අප කළ විමසීමේදී රේගුවේ ඉහත නිලධාරියා තවදුරටත් පැවසුයේ, එම එතනෝල් කන්ටේනර් ගෙනවිත් තිබුනේ පසුගිය වසරේදී බවයි.  

''මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ලිපියට අනුව අපි පුළුල් විමර්ශනයක් කළා. මේ එතනෝල් කන්ටේනර් වලට බලපත්‍ර නිකුත්කරලා තිබුනේ පසුගිය වසරේ. ඒ සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් - ඔක්තෝම්බර් මාසවලදී නිත්‍යානුකුලව ආනයන බලපත්‍ර ලබාගෙන තිබුනා. ඒ අනුව 'ශ්‍රී ලංකා ඩිස්ටිලරිස්' සමාගම එතනෝල් කන්ටේනර් 71ක් ගෙනත් තිබුනා.

රෙගු විමර්ශන වලට අනුව අද වනවිට ඒ කන්ටේනර් 71 න් 15ක් නිදහස් කළා. එහෙම නිදහස් කළේ ඒ සියලු කන්ටේනර් නිත්‍යානුකුලව ගෙන්වා ඇති බවට ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ පාලක සහතික කරලා අනුමත කලාට පස්සේ. අනෙක් කන්ටෙන්ට් ටිකත් විමර්ශනය කරලා අදාල කටයුතු කරනවා..'' එම නිලධාරියා  වැඩි දුරටත් කියා සිටියේය.

 

එතනෝල් ආනයනය තහනම ගැසට් කර නැහැ !

මේ වන විට රට තුලට එතනෝල් මධ්‍යසාර ආනයනය තාවකාලිකව තහනම් කොට ඇති බව රේගුව සදහන් කරති. එහෙත් ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්කර නොමැති බවත් ප්‍රකාශයට පත්ව ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් නිකුත් කළ දැනුම් දීමක් පමණක් බවත් පැවසේ.

2020 1 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්