ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2020 ජූලි 08) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර ඇත.



ඒ අනුව වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙලින් සියයට 4.50 (SDFR) සහ සියයට 5.50 (SLFR) දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

monetary policyමෙම සටහන First Capital Research විසින් නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකින් උපුටා ගන්නා ලද්දකි.

2020 මැයි 06 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 බැගින් පහත දැමීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර නිවේදනය කර සිටියේය. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකසම් අනුපාතිකය (SDFR) 5.50% ක් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 6.50% ක් දක්වා අඩුකෙරුණි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලැබෙන බව මහ බැංකුව එහිදී පවසන ලදී.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් First Capital Research කියා සිටියේ, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමේ වාසිය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හරහා ලබා ගැනීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඇති අවස්ථාව අධෛර්යමත් කිරීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ දැමීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මෙහිදී First Capital Research වැඩිදුරටත් පවසා ඇත්තේ, පදනම් අංක 100 කින් පමණ පොලී අනුපාතික කපා හැරීමක් (rate cut) විය හැකි බවයි.

(biz.adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්