ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට ගෙන තිබූ තීන්දුව දින නියමකින් තොරව කල්දමා ඇත.

හෙට (11) දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ නමුත් සාකච්ඡාව අත්හිටුවීමත් සමග හෙට දිනයේ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

-----------------------------------------------------------------------------

කැබිනට් රැස්වීම තියනවද නැද්ද ? - මෛත්‍රී හා රනිල් අද රාත්‍රී තීරණාත්මක හමුවක් !

මින් ඉදිරියට කැබිනට් රැස්වීම් වලට සහභාගී නොවන බවට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය මත හෙට (11) දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාවන ජනාධිපතිවරයාගේ සහභාගිත්වයකින් තොරව කැබිනට් රැස්වීමක් පැවැත්වීම නීත්‍යනුකුල නොවන බවත් එන ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය 08දා රාත්‍රී හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකර ඇති අතර තවදුරටත් එහි කටයුතු තමා ඉලක්ක කරගෙන පවත්වා ගෙන ගියහොත් කැබිනට් මණ්ඩල රැස්වීම වලට සහභාගී නොවන බව දැනුම් දී තිබිණ.


අගමැති හා එජාප නායකයින් කැඳවයි 


මෙසේ මතුව ඇති ගැටුම්කාරී තත්වය සමතයකට පත්කර ගැනීම සඳහා මලික් සමරවික්‍රම ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග වෙන වෙනම සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් අද රාත්‍රී 8.00ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ. ඒ සඳහා අගමැතිවරයා ඇතුළු එජාප ප්‍රධානින් කිහිප දෙනෙකුටද ජනාධිපතිවරයා විසින් ආරාධනා කර තිබේ.


මුළු රටම අරාජික තත්වයකට !


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර මතුවී ඇති පෞද්ගලික ගැටුම් හේතුවෙන් මේ වනවිට මුළු රටම අරාජික තත්වයකට පත්ව තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාව හරහා පාස්කු ඉරිදා (21) ඛේදවාචකයේ වගකීම තමා මත පැටවීමට අගමැතිවරයා සැලසුම්කර ඇති බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පසුගියදා දුරකථනය ඔස්සේ අගමැතිවරයාට බැණ වැදි තිබු අතර මේ වනවිට දෙදෙනා අතර කිසිඳු කතාබහක් ද නොමැති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

දෙන්නා අතර තියෙන්නේ මහා විරසකය පාස්කු ඉරිදා ප්‍රහාරය කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපෑ බව “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක්  ද මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව සමග කළ සාකච්ඡාවදී අවධාරණය කර තිබිණ.

එහිදී ජොනා බ්ලෑන්ක් මෙසේ සඳහන් කර ඇත.


''මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්''


''සිද්ධියක් වුණාට පස්සේ වෙච්ච දේට හේතු කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත්, මේ සිද්ධියේදී පෙනී යනවා, ඉතා බරපතල දේශපාලනික අසාර්ථකත්වයක් නිසා ආණ්ඩුව පැත්තෙන් දුර්වලතාවක් ඇති වුණා කියලා. විදේශ බුද්ධි සේවාවකින් (බොහෝ විට ඉන්දියාවෙන්) අවශ්‍ය කරන බුද්ධි තොරතුරු සහ අනතුරු ඇඟවීම් ජනාධිපති සිරිසේනගේ කාර්යාලයට ලබා දීලා තියෙනවා. ඒත්, ඒවා අනුව ප්‍රමාණවත් පරිද්දෙන් පියවර අරගෙන තියෙන බවක් පේන්න නැහැ. ඒ තොරතුරු අගමැති වික්‍රමසිංහට දීලා නැහැ.

ඒකට හේතු දෙකක් තියෙනවා: එකක් තමයි, අගමැතිවරයා ගැන ජනාධිපතිවරයාගේ විශ්වාසයක් නැති කම. (ඔහුව එම තනතුරින් පහ කරන්නත් ජනාධිපතිවරයා බැලුවා). ඒක නිසා මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්.

දෙවැනි කාරණේ තමයි, ඉන්දියාව තමන්ට වඩා අගමැතිවරයාට බරයි කියලා ජනාධිපතිවරයා හිතන නිසා, ඉන්දියාවෙන් එන බුද්ධි තොරතුරුත් ගණන් නොගෙන ඉන්නට ජනාධිපතිවරයා පෙළඹුණා වෙන්නත් ඉඩ තියෙනවා.''

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන කඹ ඇදිල්ල ඉවරයක් කරන්න. රටේ ඉන්න ඉහළම දෙන්නා කුලල් කා ගන්නකොට, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ඒ දෙන්නා සහතික කරන්නේ කොහොමද? අත්‍යාවශ්‍යම නම් මැතිවරණ තියන්න. එහෙම නැත්නම්, දෙන්නාට එකට වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න.''


සබැඳි පුවත් :
ජනපති-අගමැති ගැටුම උත්සන්නයි : ජනපති දැඩි තීන්දුවකට සැරසේ !

ජනපතිට, රනිල් හා මහින්ද ගැන සැකයක්!

“IS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් IS සංවිධානය තෝරාගෙන ඇත” -ජොනා බ්ලෑන්ක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්