මහ මැතිවරණයෙන් පසු රාජ්‍ය සේවකයාගේ වැටුප අඩුකිරීමේ සූදානමක් ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු එබව සඳහන් කර සිටියේ, රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
# ජයසුන්දරගේ වැටුප් පරිත්‍යාගය, රාජ්‍ය සේවකයාගේ වැටුප අඩු කිරීම ද ?
# රාජපක්ෂලා නතර කළ, රාජ්‍ය අංශයට අපි ලබාදීපු වැටුප් වර්ධකය, විශ්‍රාම වැටුප් වර්ධකය නැවතත් ලබාදෙනවා
# රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු. 10,000 කින් වැඩි කළේ අපේ ආණ්ඩුවයි - සෑම ක්ෂේත්රයකම අපි වැටුප් වැඩි කළා
# රාජ්‍ය ආයතන අපි මුදලාලිලාට විකුණන්නේ නෑ
# රනුක්ගේ කොමිසමේ නිර්දේශ අකුරක් නෑර අපි ක්‍රියාත්මක කරනවා
# පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල්, විදුලිබිල්, ජලබිල්, දුරකථන බිල් මත පනවා ඇති බදු අපි ඉවත් කරනවා.
# ධනපතියන්ට, ධන කුවේරයන්ට නොව අපි සහන ලබාදෙන්නේ මේ රටේ දුක්විඳින ජනතාවටයි.
පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසිය.
''අපේ ආණ්ඩුව පළවෙනි අය වැයෙන්ම (මාස 9 ක් තුළ) රාජ්‍ය සේවයේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. රාජපක්ෂල හැමදාම කතා පවත්වල, පාර්ලිමේන්තු ඇවිල්ල රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළේ, රු. 1500 කින් 2000 කින් පමණයි.
ඒ වැඩි කිරීමට අපේ සේවකයො කියන්නෙ එල්ලනව කියල. මූලික වැටුපට එල්ලල දෙනවා. කවදාවත් මූලික වැටුපට එකතු කළේ නෑ. අපේ ආණ්ඩුව කෙලින්ම වැටුප් වැඩි කිරීම මූලික වැටුපට එකතු කළා.
ඒ වගේම විශ්‍රාම වැටුපටත් ඒ දායකත්වය දුන්නා. වැටුප් දෙගුණ කළා. විශ්වවිද්‍යාල ක්ෂේත්රවල පොඩි වෙනසක් තිබුණා. සොල්දාදුවගේ සිට බ්‍රිගේඩියර් දක්වාත්, කොස්තාපල්ගෙ සිට අයි.ජී.පී. දක්වාත් වැටුප් දෙගුණ කළා. අධිකරණ ක්ෂේත්රයේ විනිසුරුවරුන්ගේ වැටුප් හතර ගුණයකින් විතර වැඩි වුණා.
අපේ ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වැටුප් කීප ගුණයකින් වැඩි වුණා. හැම ක්ෂේත්රයකම දෙගුණයකින් වැටුප් වැඩි වුණා.
වැඩකරන විරුවා මොකද කළේ ?
දැන් රාජපක්ෂගේ වැඩකරන විරුවා මොකද කළේ ? මේ වැටුප් වර්ධකය 2020 ජනවාරි ඉඳන් නතර කළා. විශ්රාමිකයගේ වැටුප් වර්ධකය නතර කළා.
තැපැල් ඡන්දෙ දෙන සියලුම ඡන්ද දායකයින්ට අපි මතක් කරන්න ඕන වැටුප් වර්ධකය නතර කරපු, අතිකාල නතර කරපු, දීමනා නතර කරපු, විශ්‍රාම වැටුපට ගහපු, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ ගිණුම්වලටත් ගහපු මේ ආණ්ඩුව, අනිවාර්යෙන්ම මේ මැතිවරණයෙන් පස්සෙ ඔබේ වැටුපටත් අත තියනවා.
අද පුද්ගලික අංශයේ සියලුම සේවකයො එලියට දානවා. බාගයයි වැටුප් ගෙවන්නෙ. ඒ තත්ත්වයට රාජ්‍ය අංශයත් ගේන්න තමයි මේ උත්සහ කරන්නේ.
ජයසුන්දර උන්නැහේ නිකං නෙවෙයි කීවෙ වැටුප පරිත්‍යාග කරන්න කියල. මේ රටේ වැටුප් තුනක් තියෙන එකම මිනහා පී.බී. ජයසුන්දර. ජයසුන්දර ඔය මුලින් කිව්වෙ පරිත්‍යාගය. අගෝස්තු 05 න් පස්සෙ පරිත්‍යාගය නෙමෙයි වැටුප අහිමි වෙනව මේ රටේ රාජ්‍ය සේවකයන්ට. ඒක නතර කිරීම සඳහා මේ තැපැල් ඡන්දයේදිත්, ඒ වගේම මහ ඡන්දයේදීත් අපේ වගකීම, යුතුකම ඉටුකළ යුතුයි.
''රාජ්‍ය ආයතන අපි මුදලාලිලාට විකුණන්නේ නෑ''
සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, රාජ්‍ය ආයතන නිසි කළමණාකාරීත්වයකින් යුතුව පාලනය කරනව මිසක් රාජ්‍ය ආයතන අපි මුදලාලිලාට විකුණන්නේ නෑ,
රාජ්‍ය අංශයට අපේ යහපාලන ආණ්ඩුවෙන් ලබාදීපු වැටුප් වර්ධකය, විශ්‍රාම වැටුප් වර්ධකය නොපිරිහෙලා අපේ ආන්ඩුවක් යටතේ අපි ලබාදෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩිකිරීම නිසා ඇති වූ වැටුප් විෂමතාවයට, රනුක්ගේ කොමිසම විසින් නිර්දේශ කරපු සියලුම ක්ෂේත්රවල වැටුප් විෂමතාවය ඉවත්කිරීමේ නිර්දේශවල අකුරක් නෑර අපි ක්‍රියාත්මක කරනවා.
''අපි වැඩකරන ජනතාවට සහනයක් හැටියට පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් මත පනවල තියෙන බදු, විදුලිබිල මත පනවල තියෙන බදු, ජලබිල මත පනවල තියෙන බදු, දුරකථන බිල් මත පනවල තියෙන බදු අපි ඉවත් කරනවා''
ඒ වගේම අපි වැඩකරන ජනතාවට සහනයක් හැටියට පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් මත පනවල තියෙන බදු, විදුලිබිල මත පනවල තියෙන බදු, ජලබිල මත පනවල තියෙන බදු, දුරකථන බිල් මත පනවල තියෙන බදු අපි ඉවත් කරනවා.
ධනපතියන්ට කිසිම සහනයක් දෙන්නෙ නෑ !
පුද්ගලික අංශයේ සේවකයින් එලියට දැමීම අපි සම්පූර්ණයෙන්ම නතර කරල ඒ අයගේ මූලික වැටුප ගෙවන්න කටයුතු කරනවා. අර්ධ වැටුප් ගෙවන පුද්ගලික අංශයේ සෑම හාම්පුතෙකුටම අපි කෙලින්ම කියනවා වහාම ඒ ජනතාවගේ මූලික වැටුප ගෙවන්න කියල. ධනපතියන්ට, ධන කුවේරයන්ට කිසිම සහනයක් අපි ලබාදෙන්නෙ නෑ මිත්‍රවරුනි. අපි සහනය ලබාදෙන්නේ මේ රටේ දුක්විඳින ජනතාවටයි.
අද මේ රටේ ධනපති පන්තියයි, ධන කුවේර පන්තියයි වංශක්කාර මංකොල්ලකාරයො ටිකයි ඉන්නෙ රාජපක්ෂල එක්ක. වැඩකරන ජනතාවයි, නිර්ධනයොයි, ඒවගේම මේ රට ගොඩනගන ශ්‍රමය වගුරන පිරිස ඉන්නෙ සමගි ජන බලවේගයේ. ඒ නිසා ඒ ජයග්‍රහණය සඳහා වැඩබිමේදි කාර්යාලයෙදි හැමතැනකදිම අපි කැප වෙලා වැඩ කළ යුතුයි.
වීඩියෝ