කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යලි 02 වෙනිදා අනුරාධපුරය පිහිටි තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබෙන බව හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුලත් නොවී යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇති අතර එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව තිබේ.

මෙම උපදේශකවරයා සහභාගිවූ අවමංගල උත්සවයට සහ දානය වෙනුවෙන් සහභාගිවූ බව කියන පුද්ගලයින් 300 දෙනෙකු හඳුනා ගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව යුධ හමුදාපතිවරයා කියා සිටියි.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ උපදේශකවරයාගේ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11ක සහ අවුරුදු එකහාමාරක පසුවේ. කොරෝනා වෛරසය ආසාදනය වූ එම අවුරුදු 11ක් වියේ පසුවන දරුවා පසුගිය ජුලි 4, 6 සහ 07 යාන දිනවල දී පාසැල් ගොස් ඇති බවත් ඔහුගේ පන්තියේ සිටින සිසුන් 70 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.


උපදේශිකාව IDH :

කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත උපදේශිකාවක් පසුගියදා නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේයේදී හඳුනාගත් අතර ඇය මේ වනවිට කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය.

පසුව ඇයගේ මව සහ පියා ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්