දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශ්‍රීතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණවල වාර්තා
අද (12) දිනයේ ලැබීමට නියමිතය.
ඒ අතරට රාජාංගණයේ දරුවන් 90 දෙනාගේ සහ හබරාදූවේ දරුවන් 25 දෙනාගේ හා ගුරුවරුන්ගේ ප්‍රතිඵලද අයත්වේ. රාජාංගණයේ පමණක් 300 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට මේවනවිට පියවර ගෙන ඇත.
හබරාදූව ප්‍රදේශයෙන් ඊයේ (11) හඳුනාගත් ආසාදිතයා ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඉකුත් පළමු වැනිදා නිවාඩු ලබා පැමිණ ඇති ඔහු ගාල්ල හා හබරාදූව යන නගරවල ස්ථාන කිහිපයකම සංචාරය කර ඇති බවට මේ වනවිට වාර්තා වී තිබේ.
හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩිල්ෂාන් හතරසිංහ පැවසුයේ, මෙම පුද්ගලයා සමීපව ඇසුරු කළ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි.
පාසල් දරුවෙකුට කොරෝනා:
මෙරට පළමුවරට පාසල් දරුවෙකුට කොරෝනා ආසාදනයවීමේ පුවතක් ඊයේ වාර්තා වූයේ රාජාංගණය යාය 05 ප්‍රදේශයෙනි.
මෙම දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 11 හැවිරිදි වියේ පසුවන අයෙකි.
කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මෙම දරුවාගේ පියාට පළමුව කොරෝනා වෛසරය ආසාදනය වී තිබිණ. ඔහුගේ අවුරුදු එකහමාරක වියේ පසු වූ තවත් දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු විය.
මෙම පුද්ගලයා සහ වැඩිමහල් දරුවා සමීපව ඇසුරු කළ පිරිස් සොයා ගැනීමේ අරමුණින් රාජාංගණය ආශ්‍රීත ප්‍රදේශවලට සංචරණ සිමා පනවා ඇති බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක සදහන් කළේය.
ඔහු කියාසිටියේ අද දිනයේ ලැබෙන PCR පරීක්ෂණ වාර්තාවලින් පසු රාජාංගණය ප්‍රදේශය ආශ්‍රීතව ගත හැකි සීමා තීරණය කිරීමට හැකිවෙනු ඇති බවයි.
වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සදහන් කළේ රාජාංගණය ප්‍රදේශයේ දරුවන් 90 ක් සහ පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනයට ලක් කරන බවයි.
මාරවිල උපදේශිකාව :
කන්දකාඩු කොරෝනා පොකුරෙන් පළමු වරට සමාජයෙන් වාර්තා වූ කාන්තාව වූයේ මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හමු වූ කාන්තාවයි. ඇයද කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවකි.
ඇයගේ මවද උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු සදහන් කළාය.
කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් 116 දෙනෙකුගේ පවුල්වලට අයත් 441 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
මියගිය තරුණයාට කොරෝනා නැහැ :
මේ අතර කොරෝනා වෛරසයේ සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මුන්දලම දිසා රෝහලට ඇතුලත් කළ 22 හැවිරිදි තරුණයෙකු ද හලාවත රෝහලට මාරු කර යැවීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේවෙතත් මියගිය තරුණයාගේ PCR පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.
(මුලාශ්‍රය - නෙත් නිව්ස්)
සබැඳි පුවත් :
හබරාදුවේ උපදේශකටත් ආසාදනය වෙලා : බිරිඳ ගුරුවරියක් - පාසල් ළමුන් නිරෝධායනයට