අද (12) දිනයේ සවස 3.00 වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 94 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

 

එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් වේ.

එම පිරිසට අමතරව පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ අතර රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට සහ දානේ නිවසට පැමිණි කාන්තාවන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

 

කුණ්ඩසාලේ ආසදිතයා හමුදා සාමාජිකයෙක් !

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන උපදේශකවරයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ යුධ හමුදා නිලධාරියෙකුට වන අතර ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

මෙම නිලධාරියා ඉකුත් ජුනි 25 වෙනිදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුව ජුලි 06 වෙනිදා යලි කඳවුර වෙත ගොස් ඇත. එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන තිබේ.

මෙම උපදේශකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ අය මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති අතර ඇසුරු කළ සෙසු පුද්ගලයින් ද මේ වන විට සොයමින් පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේය.

 

සමස්ත ආසාදිතයින් ගණන ඉහලට :

ඒ අනුව මේ මොහොතවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි.

තවත් ආසාදිතයින් 613 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ අතර තවත් කොවිඩ් -19 ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනූව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් තිබේ.

corona 2020 07 12සබැඳි පුවත් :

කොරෝනා පාර්ලිමේන්තු යැවීම -කුසල් පෙරේරා

කන්දකාඩු කොරෝනා පොකුර: පාසල් දරුවන්ගේ PCR ප්‍රතිඵල

කන්දකාඩු කොරෝනා : හබරාදුවේ උපදේශකටත් ආසාදනය වෙලා : බිරිඳ ගුරුවරියක් - පාසල් ළමුන් නිරෝධායනයට

කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා: සිසුන් 70ක් නිරෝධායනයට

වැලිකඩින් තවත් කොරෝනා ආසදිතයෙක්: දිනක වැඩිම ආසාදිතයින් ඊයේ 300 යි -වසංගතය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?

අද කොරෝනා ආසාදිතයින් 293ක් හඳුනා ගනී! - අම්බලන්තොට 22 ක් හා පැල්මඩුල්ලේ 10ක් නිරෝධායනයට

කොරෝනා ප්‍රතිපල කඩින් කඩ නිකුත් කෙරේ: තවත් ආසාදිතයින් 196ක්

වෛද්‍ය සංගමය අනතුරු අඟවයි: කොරෝනා සමාජ ගතවී ඇද්දැයි සැකයක් !- ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 60ක් වාර්තාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්