හෙට (13) සිට එලඹෙන 17 දක්වා සියලූම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව නිවේදනය කළේය.

ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

දිවයිනේ ‘‘කොවිඩ් 19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවද්‍ය ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත.

දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම් ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ යුතු බැවින්, එකී වාතාවරණය සකසා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වේ.

ඒ අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරන ලදි.

මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටියි.

එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි  පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම වේ.

 

පාසල් දරුවෙකුට කොරෝනා:

මෙරට පළමුවරට පාසල් දරුවෙකුට කොරෝනා ආසාදනයවීමේ පුවතක් ඊයේ වාර්තා වූයේ රාජාංගණය යාය 05 ප්‍රදේශයෙනි.

මෙම දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 11 හැවිරිදි වියේ පසුවන අයෙකි.

 කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මෙම දරුවාගේ පියාට පළමුව කොරෝනා වෛසරය ආසාදනය වී තිබිණ. ඔහුගේ අවුරුදු එකහමාරක වියේ පසු වූ තවත් දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු විය.

 මෙම පුද්ගලයා සහ වැඩිමහල් දරුවා සමීපව ඇසුරු කළ පිරිස් සොයා ගැනීමේ අරමුණින් රාජාංගණය ආශ්‍රීත ප්‍රදේශවලට සංචරණ සිමා පනවා ඇති බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක සදහන් කළේය.

ඔහු කියාසිටියේ අද දිනයේ ලැබෙන PCR පරීක්‍ෂණ වාර්තාවලින් පසු රාජාංගණය ප්‍රදේශය ආශ්‍රීතව ගත හැකි සීමා තීරණය කිරීමට හැකිවෙනු ඇති බවයි.

වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සදහන් කළේ රාජාංගණය ප්‍රදේශයේ දරුවන් 90 ක් සහ පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනයට ලක් කරන බවයි.

සබැඳි පුවත් :

යළි පාසල් නිවාඩු දෙනව ද? නැද්ද? ගැන සාකච්ජා !

කන්දකාඩු කොරෝනා පොකුර: පාසල් දරුවන්ගේ PCR ප්‍රතිඵල අද

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්