රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.


ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.

රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වෙයි.

මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.

සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කළේය.

 

තංගල්ලෙන් ආසාදිතයෙක්න - නගරය පුරා සැරිසරලා

මේ අතර කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙක් තංගල්ල පට්ටියපොල ප්‍රදේශයෙන් ද හඳුනාගෙන තිබේ.

ඔහුට සමීපව කටයුතු කළ ඥාතීන් ඇතුළු 07 දෙනෙකු සහ වෙළඳසැල් 2ක හිමිකරුවන් ද 12 නිරෝධායනයට ලක් කර තිබේ.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන පුද්ගලයෙකු බවයි.

ඔහු නිවාඩු ලබා පසුගිය පස්වැනිදා තංගල්ලේ නිවසට පැමිණ දින කිහිපයක් නගරයේ සංචාරය කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සංචාරය කල ස්ථානයන්හි පුද්ගලයන් නිරෝධායනය සදහා යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත.

 

මහනුවර : හමුදා මේජර්වරයෙකුටත් ආසාදනය වෙලා !

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා මේජර්වරයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

අදාළ නිලධාරියාගේ බිරිඳ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ සේවය කරන අතර ඇය ඇතුළු ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය.

 

ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 106 ක් !

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2617ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (12) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 106 දෙනෙකු දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ  ආශ්‍රිතයන් 14 දෙනෙකු හඳුනාගත් අතර එම මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මාරු කළ රැඳවුවන් 76 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැණුනි.

එමෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරුකළ රාජංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 06 දෙනෙකුද වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මීට අමරතව ඉරානයේ සිට පැමිණි වෙළද නාවිකයන් දෙදෙනෙකු, බෙලරූස් රාජ්‍යයේ සිට පැමිණි 05 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සිට පැමිණි එක් අයෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් වේ.

 

වැලිසරින් පාඩම ඉගෙන ගැනීමට මැලිවීමෙන් මතුවූ කන්දකාඩු ඛේදවාචකය :

Gotabaya Kandy

සෞඛ්‍ය සේවා මූලික කරගෙන නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අසමත්වීමේ පාඩම වැලිසර නාවික හමුදා සෙබලුන් රෝගී වීමෙන් ඉගෙන නොගත් නිසා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ඒයම නැවත ඉගෙන ගැනීමට සිදුව ඇති බව වෛද්‍යවරු පවසති.

කන්දකාඩු හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නැවත වරක් කොරෝනා ව්‍යාප්තියක් සිදුව ඇත්තේ වැලිසර නාවික කඳවුරේ සිදුවූ දෝෂයන් නිවැරදි කරගැනීමට ආණඩුවේ නායකත්වය විසින් සෞඛ්‍ය අංශවල උපදෙස් භාර නොගැනීම බවට සෞඛ්‍ය සේවකයෝ චෝදනා කරති.

මේ සම්බන්ධව අප කල විමසීමේදී සිය අදහස් නොවළහා ප්‍රකාශ කළ මහජන පරික්ෂකවරු, වෛද්‍යවරු, හෙදියන් හා කනිෂ්ට සේවකයන් සිය අදහස් ප්‍රකාශ කිරිමේදී නම සඳහන් නොකරන ලෙසට බලවත් ඉල්ලීමක් සිදුකළ අතර ඒයම වසංගතය මැඩ පැවැත්වීමේ මර්දනකාරී ව්‍යුහය අනාවරණය කරයි.

මහමැතිවරණය හේතුවෙන් දේශපාලන වාසි ගැනීමට මිලිටරි යාන්ත්‍රනයේ කීකරු පුද්ගලයන් මුල්කරගෙන කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේ සැලැස්මකට ආණ්ඩුව ගියේ සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම අවතක්සේරු කරමිනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්