කොරෝනා වසංගත පාලනය කිරීම සඳහා ආරක්ෂක හමුදාවන් උපරිම කැපවීමෙන් කටයුතු කළ ද සෞඛ්‍ය බලධාරීන් නිසි උපදෙස් විධිමත්ව ලබා නොදීම
නිසා රටතුළ කණගාටුදායක තත්වය ඇතිව තිබෙන බව අමාත්‍ය විමල් විරවංශගේ 'ජාතික නිදහස් පෙරමුණේ' අනුබද්ධ සංවිධානයක් වන 'ජාතික සංවිධානය' අවධාරණය කර සිටියි.
අමාත්‍ය විමල් විරවංශගේ මෙහෙයවීම මත ප්‍රකාශයට පත්කෙරෙන Lanka Lead News එය වාර්තා කර ඇත්තේ, ''කන්දකාඩු වරදට දඬුවම් අවශ්‍ය නැහැ – එහෙත් වරද කුමක්දැයි ඉගෙන ගැනීම වැදගත්'' යන ශීර්ෂයෙන් යුතුවය.
කොරෝනා වසංගත පාලනයට අදාල උපායමාර්ගික කරුණු ඇතුලත් ලියවිල්ලක් ජාතික සංවිධාන විසින් මේවනවිට ජනාධිපතිවරයාට භාර දී ඇත.
වර්තමානයේ කන්දකාඩු මහා පොකුර මුල්කරගෙන සමාජ සම්ප්‍රේෂණයක් ඇතිවීමේ අවධානම පිළිබඳව Lanka Lead, 'ජාතික සංවිධාන'වල මතය විමසීමේදී අදහස් දක්වා ඇති එම සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ සඳහන් කර තිබේ.
''කන්දකාඩු පොකුර සමාජ සම්ප්‍රේෂණයක් දක්වා වර්ධනය වීම සඳහා හේතු වූ වැරදි 5 ක් තිබෙනවා. අප ඒවා පළමු වටයේදීම අනතුරු ඇඟවූවා. නමුත් සෞඛ්‍ය බලධාරීන් නාවික හමුදා වරදින්වත් ඉගෙන ගත්තෙ නැහැ. ආරක්ෂක හමුදා උපරිම කැපවීමෙන් වැඩ කළා.
සෞඛ්‍ය බලධාරීන් නිසි උපදෙස් විධිමත්ව ලබා නොදීම නිසා මෙම කණගාටුදායක තත්වය ඇතිවූ බව පැහැදිලියි.
මාරවිල උපදේශිකාව සමාජ මාධ්‍යයකට පවසා තිබූ දේවලින් පැහැදිලිවෙනවා සමස්ථ පාලන ක්‍රියාවලිය කෙතරම් වගකීම් විරහිතව සිදුවී තිබේද යන්න.
නාවික හමුදා වරද පිළිබඳ පරීක්ෂණ වාර්තාව අනුව සෞඛ්‍ය බලධාරීන් තම වැරදි නිවරදි කරගත්තානම් දැන් ඉතා මහන්සියෙන් වැරදි නිවරදි කරන්න දඟලන්න වෙන්නෙ නැහැ. එහෙත් මේ දෙවන වරද ඉතා බරපතලයි.”