ශ්‍රී ලංකා කතෝලික සභාවේ අගරදගුරු පදවිය ලෙස සැලකෙන, කොළඹ අගරදගුරු පදවියට නව සහයක රදගුරු තුමෙකු පත්කළ බව

වතිකානුව විසින් ඊයේ (07/13) නිල වශයෙන් නිවේදනය කළේය.

මෙලෙස අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් රදගුරු වරයට උසස් කර ඇත්තේ, කොළඹ ශාන්ත ජෝසප් සහ ශාන්ත පීතර විදුහල්වල නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති වර්තමානයේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙස සේවය කළ ගරු ඇන්ටන් රංජිත් පියතුමන්වය.

1966 සැප්තැම්බර් යාපනයේදී උපත ලද උන්වහන්සේ, යාපනය සහ නුවර ජාතික දෙව්සත්හල් වලින් දර්ශන වාදය සහ දේවධර්මය හදාරා ඇති අතර යාපනය  සහ එංගලන්තයේ Middlesex (UK) විශ්වවිද්‍යාල වලින් ගණිතය, අධ්‍යාපනය, දර්ශනවාදය යන විෂය ක්ෂේත්‍රයන් වලට ශාස්ත්‍රපති උපාධි ලැබූවෙකි.

Anton Ranjith 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්