යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (ජුලි 13) සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල්
දමා තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බව කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරති.
(දිනසේන රතුගමගේ)