ග්ලයිෆොසේට් (Glyphosate) අඩංඟු වල්පැල නාශකයක් වූ 'රවුන්ඩ්අප්' (Roundup) නම් කෘෂි රසායනය නිසා පිළිකා ඇතිවූ බවට
ඇමෙරිකාවෙහිදී කරන ලද පැමිණිළි ගණනාවක් වෙනුවෙන් ඩොලර් බිලියන10.9 ක වන්දියක් ගෙවීමට ජර්මානු කෘෂි රසායනික සමාගමක් වන බේයර් (Bayer) එකඟ වී තිබේ.
බේයර් සමාගමට එරෙහිව පුද්ගලයින් 125,000 ක් විසින් ගොනුකර තිබූ නඩුවත් සමථයට පත්වීම සමග පසුගිය ජුනි 25 දින මිට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්විය.
නිව් යෝර්ක්හි නීති ආයතනයක් වන වයිට්ස් සහ ලක්සෙන්බර්ග් (Weitz & Luxenberg) පවසන්නේ එය 100,000 කට ආසන්න පිරිසක් වෙනුවෙන් විසඳුමකට පැමිණ ඇති බවයි.
රවුන්අප් හි වත්මන් හිමිකරු වන බේයර් සමාගම අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත් වන්දි ගෙවීම මගින් “අවිනිශ්චිතතාව” අවසන් කරන බව කියා සිටියි.
රවුන්ඩ්අප් (Roundup) මුලින් නිෂ්පාදනය කරමින් අලෙවි කළේ එක්සත් ජනපද සමාගමක් වන මොන්සැන්ටෝ සමාගම විසින් වන අතර මොන්සැන්ටෝ සමාගම 2018 දී බේයර් සමාගම විසින් මිලදී ගන්නා ලදී.
ජනප්‍රිය වල්පැලෑටි නාශකයක් :
දශක හතරකට පෙර එය හඳුන්වා දුන් දා සිට රවුන්ඩ්අප් ලොව ජනප්‍රිය වල්පැලෑටි නාශකයක් ලෙස ප්‍රසිද්ධ වී තිබේ.
1990 ගණන්වල මැද භාගයේදී 'ග්ලයිෆොසේට්' වලට ඔරොත්තු දීම සඳහා නිර්මාණය කරන ලද ජානමය වශයෙන් නවීකරණය කරන ලද බීජ හඳුන්වා දීමත් සමඟ 'රවුන්ඩ්අප්' විශේෂයෙන් ජනප්‍රිය විය.
මෙයින් ඇත්ත වශයෙන්ම සිදුවුයේ මිනිසුන්ට තම වගාවන්ට හානියක් නොවන පරිදි වල් පැලෑටි විනාශ කිරීම සඳහා 'ග්ලයිෆොසේට්' අඩංඟු 'රවුන්ඩ්අප්' නිෂ්පාදිතය අවිචාරවත් ලෙස යෙදීමට ඉඩ ලැබීමය.
අද වන විට එක්සත් ජනපදයේ වගා කැරෙන ඉරිඟු සහ සෝයා බෝංචි ශාක වලින් අති බහුතරයක් 'රවුන්ඩ්අප්' ප්‍රතිරෝධී වේ. එනම් 'රවුන්ඩ්අප්' නිසා එම බෝග මිය යන්නේ නැත.
ග්ලයිෆොසේට්, ජර්මනිය, සවුදි අරාබිය සහ වියට්නාමය ඇතුළු අවම වශයෙන් අධිකරණ බල ප්‍රදේශ 10 ක් තුළ හෝ තහනම් කර ඇති අතර අවම වශයෙන් අතිරේක රටවල් 15 ක් වත් එහි භාවිතය සීමා කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ග්ලයිෆොසේට් “පිළිකා කාරකයක්” ලෙස විධිමත් ලෙස වර්ගීකරණය කර ඇත.
''ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ග්ලයිෆොසේට් “පිළිකා කාරකයක්” ලෙස විධිමත් ලෙස වර්ගීකරණය කර ඇත.''
ග්ලයිෆොසේට් ශ්‍රී ලංකාව තුළ පවා දැඩි සංවාදයට ලක් වූ ප්‍රකට වල්නාශකයකි. ශ්‍රී ලංකාවේද ග්ලයිෆොසේට් 2015 ජූනි මාසයේදී භාවිතය තහනම් කරන ලද නමුත් පසුව මහාපරිමාන වගාකරුවන්ගේ විශේෂයෙන්ම තේ සමාගම්වල බලපෑම යටතේ එම තහනම ඉවත් කරන ලදී.
'ග්ලයිෆොසේට්' රජරට පැතිර පවත්නා වකුගඩු රෝගයට හේතුවක් ලෙස ද දක්වන ලද නමුත් එය තහවුරු වී නැත.
ග්ලයිෆොසේට් යනු පිළිකා කාරකයක් බවට වන චෝදනා බේයර් සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ට එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියේ (Environmental Protection Agency) සහාය ද හිමිව තිබේ.
HRW චෝදනාවක් !
මේ අතර 'හියුමන් රයිට්ස් වොච්' (Human Rights Watch) සංවිධානය පවසන්නේ, ඇමෙරිකාවෙහි තවමත්'රවුන්ඩ්අප්' වල්පැල නාශකය භාවිත වන බවයි.
'රවුඩ්අප්' සදහා වන්දි ගෙවීම පිළිබදව ප්‍රකාශයක් කරන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාවෙහි 'ග්ලයිෆොසේට්' භාවිතය සම්පූර්නයෙන්ම තහනම් කළ යුතු බවයි.
'රවුඩ්අප්' සදහා වන්දි ගෙවීමට අමතරව, දැන් තහනම් කර ඇති විෂ රසායනික සංයෝගයක් වන පොලිකොරිනේටඩ් බයිපෙනයිල් (Polychlorinated biphenyl (PCB) භාවිතයෙන් ජල දූෂණය සම්බන්ධ නඩු විසඳීම සඳහා බේයර් ඩොලර් මිලියන 820ක් වන්දි ගෙවා ඇත.
(Cara Schulte Associate, Environment and Human Rights විසින් ලියන ලද ලිපියක කරුණුද ඇසුරිණි.)
(උපුටා ගැනීම් : srilankabrief.org)