1200 x 80 DMirror
 
 

නාමල් රාජපක්ෂ කවදාහෝ නියත වශයෙන් ම ශ්‍රී  ලංකාවේ ජනාධිපති වශයෙන් පත් වනු ඇති බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කර සිටියි.



ඇමතිවරයා එබව සඳහන් කර සිටියේ, කුරුණැගල දිස්ත්‍රීක්කයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

තමන් දුර දකින දේශපාලනඥයකු බවත් පැවසු ඇමති ජොන්ස්ටන්, නාමල් රාජපක්ෂ මෙරට පාලකයා වූ පසු මහින්ද රාජපක්ෂ මෙන්ම ඉතා හොදින් රට පාලනය කරනු ඇති බවද එහිදී සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ යනු ඉතා දක්ෂයෙක් බවත්, තමන් 2010 වසරේ දී ම නාමල් රාජපක්ෂගේ දක්ෂතා දුටු බවත්
ඔහු තරම් දක්ෂයෙක් වූ මුළු පාර්ලිමේන්තුවේම නැති බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ ද එක්ව සිටියේය.

(ලංකා සී නිව්ස්)

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්