ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන, සිංහල ක්‍රීඩා සමාජයේ (SSC)  ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.



එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එම පත්කිරීම සිදුකර ඇත. ඒ අනුව ඉදිරියේදී ඔහු SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමේ දී එහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රී  ලංකාවෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන, සිංහල ක්‍රීඩා සමාජයට 1995 සිට ක්‍රීඩා කළේය.

මීට පෙර ඔහු SSC ක්‍රීඩා  සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්