ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් පවත්වාගෙන යන 'අරුණ' පුවත්පතේ
පලවී තිබු පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ, 'කන්දකාඩු කොරෝනා පොකුර වැඩිම පිරිස මහනුවරින්' යන ශීර්ෂය යටතේ ජුලි මස 15 දින 'අරුණ' පුවත්පත් පතේ පළකර තිබු පුවතක් සම්බන්ධයෙනි.
මහනුවර ප්‍රදේශයේ පුද්ගලයා 601 ක් නිරෝධානයට යොමු කර ඇති බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් වී තිබිණ.
එම මොහොත වන විට කන්දකාඩු මධ්‍යස්ථානයට පිටතින් හමුවී තිබුණේ රෝගීන් 20 දෙනෙකු පමණක් බවත්, ඔවුන්ගෙන් 17 දෙනෙකු රාජාංගනය ප්‍රදේශය වාර්තා තිබූ බවත් ජූලි 16 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ප්‍රකාශ කළේය.
කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් සොයා අපරාධ පරීක් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව අජිත් රෝහන එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.
'කන්දකාඩු අලුත් පොකුරේ' ආසාදිතයින් 500 ඉක්මවයි' - BBC
රාජාංගනයේ සංචරණය සීමා කෙරේ
කෙසේවුවද, ජුලි 14 දා BBC සිංහල සේවයවාර්තා කර තිබුනේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ඇතිවූ 'කොරෝනා අලුත් පොකුර' තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව අඟහරුවාදා (ජූලි 14) වන විට 519 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 440 දෙනෙකු ඊට අයත් වන අතර සෙසු පිරිස එහි කාර්ය මණ්ඩලය සහ ඔවුන් ඇසුරු කළ අය බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබිණ.
තොරතුරු වසන් කරන බවට චෝදනා !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවැනි විමර්ශන ආරම්භ කර ඇත්තේ, රජය කොරෝන ආසාදිතයින් පිලිබඳ තොරතුරු වසන්කරන බවට විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා කරමින් සිටින අවස්ථාවකය.
කොරෝන ආසාදිතයින් පිලිබඳ සැබැ තොරතුරු හෙළිකරන ලෙස සමගි ජන බලවේගය විසින් මේවනවිට තොරතුරු දැනගැනීමේ පනත ( RTI ) යටතේ ඉල්ලීමක් ද කර තිබේ.
එසේම, එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති, රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ, 'අරුණ' ප්‍රධාන කර්තෘ ගෙන් හා මාධ්‍යවේදීන් ගෙන් ප්‍රශ්න කිරීම හෙලා දකින බවයි.