කොරෝනා වසංගතයත් සමග ආනයන භාණ්ඩ සීමා කිරිමට රජය ක්රියාකළ නමුත්, පොල්තෙල් මෙට්රික් ටොන් 63ක්
කිසියම් බලවතෙකුගේ මැදිහත්වීමෙන් ආනයනය කර තිබෙන බව lankatruth.com වාර්තා කරයි.
එම පුවත් වාර්තාවට අනුව, එක් මෙට්රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 1,075කට ගෙන්වා තිබෙන අතර මුළු පොල්තෙල් තොගයේ වටිනාකම ඇමරිකන් ඩොලර් 67,725කි. මෙරට භාවිතා වන මුදලින් එය රුපියල් 12,529,125 පමණ වේ.
මෙම ආනයනය සම්බන්ධව රේගු නිලධාරීන්ටත් කරුණු වසංකර තිබේ. මෙම මස පළවෙනි දින මීට අදාලව ඉන්වොයිසිය නිකුත් කර ඇති අතර පසුගිය 14 වෙනි දින පොල්තෙල් තොගය නිදහස් කර ඇත.
එහෙත් මේ සම්බන්ධයෙන් රේගු කාර්යමණ්ඩලය දැඩි විරෝධයක් පල කරන අතර මෙය පොල්තෙල් ජාවාරමක මූලාරම්භය විය හැකි බවට අනතුරු අඟවති.
කෙසේවුවද රජය විසින් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය තහනම් කිරීම හේතුවෙන්, මෙරට පොල්තෙල් පිරිපහදු කර්මාන්ත ආශ්රිත ඍජු හා වක්ර රැකියා කළ සේවකයන් දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබේ.
මේ නිසා එම ක්ෂේත්රයේ කර්මාන්ත ශාලා ගණනාවක් වසා දමන්නට සිදුව තිබේ.
සබැඳි පුවත් :
රජයේ තීන්දුවෙන් පොල්තෙල් පිරිපහදු සේවකයෝ හාන්සි!
පොල් තෙල් මාෆියාවේ 'කොමිස් කුට්ටි' වැඩකරයි : විශේෂ බදු සහනයක්!