එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී ඇත.
2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ.
PHIලා කොරෝනා සටනින් ඉවත් වෙයි, හේතුව සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයක්
කෙසේවුවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) පවසන්නේ, සියලූ රාජකාරීවලින් ඉවත්වීම සම්බන්ධයෙන් අද (ජුලි 18) දිනයේදී තීරණයක් ගන්නා බවයි.
ඔවුන් මේවනවිට කොරෝනා මර්දන රාජකාරීවලින් ද ඉවත්ව සිටින්නේ මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් සිය පාර්ශවයට නීතිමය බලයක් ලබානොදීම සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හට විරෝධය පළකරමිනි.
කොරෝනා පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත් වී මහජන සෞඛ්‍ය පක්ෂකවරුන් ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය අද දෙවැනි දිනටත් පැවැත්වේ.