ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. 

මෙරට ජනයාගෙන් ලක්ෂ 28 ක් පමණ ක්ෂුද්‍ර මුල්‍ය ණය උහුලේ සිර වී තිබෙන අතර එයින් ලක්ෂ 24 ක්ම කාන්තාවන්ය. 

විශේෂයෙන්ම ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් කාන්තාවන් රවටා අනිසි පොළී අනුපාතයන්ට ණය නැවත අයකර ගැනීමේ  අත්තොනෝමතික ක්‍රියාවලිය හේතුවෙන් මෙරට ග්‍රාමීය ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ.

කෙසේ වෙතත් ඉතා අවාසනාවන්ත ලෙස ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් මේ වන විට 200 කට ආසන්න වූ පිරිසක් සිය දිවී හානි කොට තිබෙන අතර ක්ෂුද්‍ර මුල්‍ය ණය ප්‍රශ්නයේ ගොදුරු බවට ග්‍රාමීය, අඩු ආදායම් සහිත පවුල් ගණනාවක්ම මේ වන විටත් පත් වී තිබේ.

mulya
සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනව මිරිහානේදී කල් බදු ලිසිං සමාගමක මැරයන් විසින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය හේතූ කොට ගෙන මේ මාතෘකාවන් නැවත සාකච්ජාවට පැමිණ තිබේ.

අනෙක් අතට විශේෂයෙන්ම කොවිඩ් 19 තත්වය හමුවේ ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටලුව තවත් උග්‍ර තත්වයට පැමිණ තිබේ. 

ඒ අනුව මේ සම්බන්ධව දීර්ඝ කාලයක් පුරා ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තාවන් එකමුතුව සමඟ කටයුතු කරන, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ මෙම බරපතල කාරණය සැකෙවින් විග්‍රහ කරන්නේ මෙසේය.

(vikalpa.org)

සබැඳි පුවත් :

ණය බර නිසා යුද වැන්දඹුවන් “සිය දිවි නසා ගන්නා තත්වයක”
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව 170 දෙනෙකු දිවි නසා ගත්තාද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්