විභාග සම්බන්ධයෙන් වන තීරණයන්ට එළඹීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් දිනෙන් දින කල්දැමීම පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයි.

 අධ්‍යාපන අමාත්‍යංශය එවැනි තීන්දුවලට එළඹෙන්නේ ගුරු හෝ විදුහල්පති සංගම්වලින් කිසිඳු විමසීමක් සිදුනොකර බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් 'නෙත් නිවුස්' වෙත පැවසිය.

විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ප්‍රමාද වීම පාසැල් දරුවන්ට සිදුකරන බලවත් අසාධාරණයක් බව ලංකා ගුරුසේවා සංගමය ද  පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඒ බව සඳහන් කළේය.

උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින හෙට (ජුලි 20) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව 
අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

පාසල් යළි ආරම්භ කරන දිනය :

සිසුන්ගේ ආරක්ෂාව මුල් කර ගනිමින් පාසල් සඳහා ලබාදුන් අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන්ට පමණක් ජූලි මස 27 වන දා පාසල් යළි ආරම්භ කරනු ඇත.

කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ, මැතිවරණයෙන් පසුව අගෝස්තු මස 10 වන දා පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සුදුසු බවයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්