උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 

අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ලේකම් එච්. එම්. චිත්‍රානන්ද පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන බවත්, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වන බවත්ය.

මෙසේ විභාගය කල් දමා ඇත්තේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ඉල්ලීම් සලකා බලමිනි. මේ අනුව අදාළ විෂය නිර්දේශ ආවරණය කිරීමට කාලය අවශ්‍යතරම් ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මෙම මාධ්‍ය හමුව සදහා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ද එක්ව සිටියේය.

මීට පෙර යෝජනා වී තිබුණේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමටත්, ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා තෙක් උසස් පෙළ විභාගය පැවැත්වීමටයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්