මධ්‍යම පළාතේ රක්ෂිත නිරන්තරයෙන් ගිනි ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ විශේෂ අවධානය යොමු ව තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ කරගනිමන් මෙම වන විනාශය සදහා වැට බැදීමට ඊයේ (ජුලි 21) පැවති රැස්වීමක දී ඔහු තීන්දු කර ඇත.
ඒ සදහා මහනුවර මහ නගර සභාව මගින් අවශ්‍ය පහසුකම් හා අවශ්‍ය උපකරණ සැපයීම සදහා එකඟතාවය ඵල වී තිබේ.
මධ්‍යම පළාත තුල නිරන්තරයෙන් රක්ෂිත භූමි ආශ්‍රිතව ගිනි ගැනීම් සිදුවන බවත් එයින් බහුතරයක් සිතා මතා ගිනි තැබීම් බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් ඡාලිය සේනරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන්, වෛද්‍ය සුරංග ප්‍රනාන්දු ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (21) මෙම විශේෂ සාකච්ඡාව සිදුවිය.
මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ පවසා ඇත්තේ, රක්ෂිත වනාන්තර යනු හෙට දවස වෙනුවෙන් අද දවසේ ජීවත් වන මිනිසුන් විසින් ආරක්ෂා කරගත යුතු සම්පත් බවත්, එම සම්පත් විනාශ කරමින් රටට වින කරන්නන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි.