ශ්‍රී ලංකාවේ නියඟයෙන් සාතිශය පීඩාවට පත්ව සිටින උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ අතරින් බීමට  ජලය ලබා දී ඇත්තේ  

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට පමණක් බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛන වලින් හෙළිවේ.

උතුරු හා නැගෙනහිර පළාත්  දෙකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් 60455  අයත් පුද්ගලයන් 202722 ක් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජූලි 22 දා පස්වරු හයට නිකුත් කරන ලද නියඟය පිලිබඳ තත්ත්ව වාර්තාවේ දැක්වේ.

ඒ අතරින් අඩකටත් වැඩි පිරිස වන 115559 ක්ම උතුරෙනි. රටේ අනිකුත් පළාත් වල 13, 964කි.

එසේ වෙතත් මුළු උතුරු පළාතෙන්ම පානීය ජලය බෙදාහැර ඇත්තේ වැලිඔය සහ පුදුකුඩියිරුප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට පමණි.

 

වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයයි

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි දිස්ත්‍රික්කයක් ලෙස වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයයි.

නියගය හේතුවෙන් පවුල් 20335 ට අයත් පුද්ගලයන් 64761 ක් එහි පීඩාවට පත් ව තිබේ.

උතුරු පළාතේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයයි. එහි පවුල් 17185 ට අයත් පුද්ගලයන් 57771 ක් පීඩාවට පත්ව තිබේ.

මීට අමතරව මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 9382 ට අයත් පුද්ගලයන් 34805ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 3841 ට අයත් පුද්ගලයන් 12922 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 2939 ට අයත් පුද්ගලයන් 9758 ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 86 ට අයත් පුද්ගලයන් 303 ක් පීඩාවට පත්ව තිබේ.

නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව ඇති පිරිස පවුල් 6687 ට අයත් පුද්ගලයන් 22402 ක්  බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අවසන් වරට නිකුත් කළ නියඟය හා සම්බන්ධ වාර්තාවට අනුව උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවුල් 4343 ට අයත් 13155 ක් නිගයගෙන් පීඩා විදිති.

වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 646 දෙනෙකු සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 163 දෙනකුත්  නියගයෙන් පිඩා විදිති.

වැඩිම  බලපෑමකට ලක්ව සිටින උතුරු පළාතට අයත් යාපනය, කිලිනොචිචිය, මන්නාරම සහ වව්නියාව යන  දිස්ත්‍රික්ක හැර  නියඟයට හසුව තිබෙන සෙසු දිස්ත්‍රික්ක සදහා පානීය ජලය බෙදා  හැර ඇති  බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ තත්ව වාර්තාවේ  වැඩි දුරටත් සඳහන්ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image