ශ්‍රී ලංකා යුද හමුදාවේ බලපෑමෙන් සරසවි බලධාරීන් විසින් නීතිඥ වෘත්තියට තහංචි පැනවීම නිසා දශකයක් තිස්සේ කළ ඉගැන්වීම
අත් හරින්නට බල කෙරුණු යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු ප්‍රධානියා වෙනුවෙන් අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හඬ අවදි කර තිබේ.


ගුරු සේවයේ යෙදී සිටියදී උසාවි යාම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පසුගිය සැප්තැම්බරයේදී තහනම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක් දිගින් දිගටම කල් යාමෙන් කලකිරීමට පත් ආචාර්ය කුමරවඩිවේල් ගුරුබරන්, “ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති” බව සඳහන් කරමින් සිය ඉල්ලා අස් වීමේ ලිපිය බාර දුන්නේ පසුගිය ජූලි 16 දා ය.

“ශ්‍රේෂ්ඨාධිකරණය මගේ නඩුව අසනු ඇතැයි අපේක්ෂාවෙන් අට මාසයකට ආසන්න කාලයක් මම බලා සිටියත්, මගේ පාලනයෙන් ඔබ්බේ වූ හේතු කරණකොටගෙන එය තවමත් විභාගයට ගෙන නැත,” යි ආචාර්ය ගුරුබරන් යාපනය විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියාට යවන ලද ලිපියේ සඳහන් වේ.

“කනගාටුදායක ලෙස මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබේ. මා කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් ස්ථිර භාවයක් දකින්නට මම කැමැත්තෙමි. දැන් ඉතින් දැඩි තීන්දුවක් ගැනීමට කාලය එළැඹ තිබේ. එසේ හෙයින්, මේ ඉල්ලා අස්වීමේ ලිපිය එවමි.”

 

පැහැරගත් 24 ක් !

යුද හමුදා අත් අඩංගුවේ සිටියදී අතුරුදහන් වූ සිය සමීපතමයන්ගේ ඉරණම හෙළි කරන ලෙස ඉල්ලා පවත්වන අඛණ්ඩ විරෝධතාවයේ දින 1250 ක් ඉක්මවා උද්ඝෝෂණය කරන ඥාතීන් ප්‍රකාශ කර තිබුනේ “යුද හමුදාවට විරුද්ධව කිසිවක් උතුරේදී කළ නොහැකි බව ඔහුට උදාවී ඇති තත්වයෙන් පෙනී යයි,” යනුවෙනි.

විසි හතර අවුරුද්දකට ඉහතදී යුද හමුදාව විසින් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද 24 දෙනකු සොයා දෙන ලෙස ඉල්ලා යාපනය මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලද ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ ගුරුබරන්ගේ සේවා විස්තර යුද හමුදා මුලස්ථානය විසින් සරසවි බලධාරීන්ගෙන් ලිඛිතව විමසා තුන් මාසයක් ගතවීමටත් මත්තෙන් ආචාර්ය ගුරුබරන්ට උසාවි තහනමක් පනවනු ලැබුණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එඩ්වඩ් එස් ජයසිංහ විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට 2019 අගෝස්තු 21 දාතමින් යවා තිබූ ලිපියේ සඳහන් පරිදි අතුරුදහන් කිරීමට වගඋත්තරකරුවන් ලෙස  නම් කොට ඇත්තේ යුද හමුදාපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානයි.

''ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එඩ්වඩ් එස් ජයසිංහ විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට 2019 අගෝස්තු 21 දාතමින් යවා තිබූ ලිපියේ සඳහන් පරිදි අතුරුදහන් කිරීමට වගඋත්තරකරුවන් ලෙස  නම් කොට ඇත්තේ යුද හමුදාපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානයි.''

නාවට්කුලි හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ එවක ලුතිනන් කර්නල් කැප්පෙටිවලාන විසින් 1996 ජූලි 19 දා මෙහෙයවන ලද වටලා සෝදිසි කිරීමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද තම සමීපතමයන් ආගිය අතක් නැති බව පවසන ඥාතීන් පිරිසක් හබයාස් කෝපස් පෙත්සමක් මුල්වරට ගොනු කොට තිබුනේ 2004 දීය. එම ඥාතීන් නියෝජනය කරන නීතිඥයා කුමරවඩිවේල් ගුරුබරන්ය.

ස්ථිර කථිකාචාර්යවරයකු ලෙස 2010 දී යාපනය සරසවියට බැඳි දෙසතියක් ඉක්ම යාමටත් මත්තෙන් පාලක මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි නීතිඥ වෘත්තියේ යෙදීමට ලැබුණු නිල අවසරය අවලංගු කිරීමට 2019 නොවැම්බර් 11 දා තීරණය කරන ලද්දේ තමන්ගෙන් කිසිදු විමසීමකින් තොරව යැයි ආචාර්ය ගුරුබරන් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරයි.

“තහනමට පෙර මණ්ඩලය මගෙන් කිසිම විමසීමක් නොකළේ ස්වාභාවික යුක්තියේ සහ සාධාරණත්වයේ පාදක මූලධර්ම උල්ලංඝනය කරමිනි. මණ්ඩලයේ තීන්දුව මා විසින් දකිනු ලබන්නේ සිය ශාස්ත්‍රාලීය කාර්ය මණ්ඩලයේ උන්නතිය වෙනුවෙන් ඔවුන්ගේ ශාස්ත්‍රාලීය නිදහස විමසා බලනු පිණිස විශ්ව විද්‍යාලය භාරයේ පවතින ස්වාධිපත්‍යය තුච්ඡ ලෙස පාවා දීමක් ලෙසය. එම නිදහස ඕනෑම විශ්ව විද්‍යාලයක යහ පැවැත්ම පරිපූර්ණ කරන්නකි.”

විශ්ව විද්‍යාල බලධාරීන් විසින් පනවන ලද උසාවි තහංචියට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දුව තමන්ට පිහිට වන්නේ නම්, නැවත වතාවක් විශ්ව විද්‍යාලයේ සේවයට එක්වීම තමන්ගේ අභිප්‍රාය බව ආචාර්ය කුමරවඩිවේල් ගුරුබරන් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් බලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී සිටී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්