යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් හත් අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන්

ඝාතනය කරණ ලද 'කළු ජූලිය' සිහි ගන්වමින් යාපනය විශ්වවිද්‍යාලයේදී සැමරුමක් පවත්වා තිබේ.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ජුලි 23 බ්‍රහස්පතින්දා තිරුනෙල්වේලියේ පිහිටි විශ්වවිද්‍යාල පරිශ්‍රය  තුලදී පැවැත්වු අනුස්මරණයේදී, 1893 වසරේ දී  කිසිදු හේතුවක් නොමැතිව  ඝාතනයට ලක් වු දෙමළ වැසියන් සිහි කරමින් විනාඩියක නිහැඬියාවක් පැවැත්වූ බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

ඝාතනයට ලක් වු දහස් සංඛ්‍යාත ජනයා සිහි කරමින් පුෂ්පෝපහාර පවත්වා ඉටි පහන් දල්වමින් සිසුන් උපහාර දක්වා තිබේ.

Black July 2020

 

1983  ජුලි 23

1983 වර්ෂයේ ජුලි 23 දිනෙන් පටන්ගෙන දින ගණනක් තිස්සේ ඇවිලුණු ශ්‍රී ලංකාවේ 'කළු ජුලිය' නමින් කුප්‍රකට වර්ගවාදි සංහාරයෙන් දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කෙරුණු අතර කෝටි ගණනක නිවාස ඇතුලු දේපල ගිනිබත් විය.

සංහාරය ඇරඹුණේ යාපනය සරසවිය පිහිටුවා ඇති තිරුනෙල්වෙලියෙනි, ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසිනි.

යාපනයේ පලාලි පාරේ පරමේශ්වරා හන්දිය හා තිරුනෙල්වේලි හන්දිය අතරදී පුපුරා ගිය බිම් බෝම්බයකට හසුවූ හමුදා වාහනයක සිටි සෙබළුන් 13 දෙනකු මියයාමෙන් අනතුරුව එදින රාත්‍රියේත් පසුදාත් ගම් වැදුණු භට පිරිස් පලාලි පාරේත්, සිවන් අම්මාන් ග්‍රාමයේත් 51 දෙනකු ඝාතනය කර නිවාස ගිනිබත් කරන ලදී.

මරා දමන ලද්දවුන් අතර හය හැවිරිදි දරුවකුද, එකොලොස් හැවිරිදි දැරියකද වන බව උතුරු නැගෙනහිර මානව හිමිකම් සඳහා වන කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය විසින් ලේඛනගත කොට තිබේ.

බිම් බෝම්බයෙන් මළ සෙබළුන්ගේ සිරුරු ගම් පළාත් වලට නොයවා  13 බොරැල්ල කනත්තට ගෙනවිත් රජය විසින් පවත්වන ලද සමූහ භුමදානයට සහභාගිවූ ආණ්ඩු පාක්ෂික මැරයන් විසින් කොළඹින් ආරම්භ කොට රටපුරා දියත් කරන ලද දෙමළ සමූහ ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකුත් ගෙවී ගිය තිස් හත් වසර තුලදීම නීතිය හමුවට පමුණුවා නැත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්