ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂා ඇමැතිකමට නොසුදුසු යයි තීන්දු කළ මහින්ද රාජපක්ෂව,
මෙවර මහ මැතිවරණයේදී අගමැති කමට පත් කිරීමට සුදුසු වන්නේ කෙසේදැයි හිටපු අමාත්‍යවරයකු වන උපාලි පියසෝම විමසා සිටියි.


 මෙවර මහ මැතිවරණයට 'සමගි ජන බලවේගයෙන්'  කුරුණෑගල දිස්ත්‍රීක්කයට තරඟ කරන උපාලි පියසෝම එබව කියා සිටියේ ඊයේ (ජුලි 24) කුරුණෑගල පැවති රැස්වීමකදීය.

'' ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වුනත් මේ දක්වා ආරක්ෂක ඇමති කෙනෙක් පත්කරලා නැහැ. අද පවා කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ආරක්ෂක ඇමතිවරයෙක් නැහැ. 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිට ආරක්ෂක ඇමතිකම හෝ වෙනත් කිසිඳු ඇමතිකමක් දරන්න බැහැ.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ආරක්ෂක ඇමතිකම ලබාගන්න එයාගේ පවුලේ උදවිය හරහා ජනාධිපතිතුමාට බලපෑම් කරලත් තිබුනා. ජනාධිපතිතුමා ඒවාට එකඟ වුනේ නැහැ. චමල් රාජපක්ෂ ලොකු අයියාට ආරක්ෂක රාජ්‍ය ඇමතිකම දුන්නා.  මහ මැතිවරණයට කැඳවුවාට පස්සේ ඒ රාජ්‍ය ඇමැතිකමත් නැ .

දැන් ඇත්තටම ආරක්ෂක ඇමති කෙනෙක්වත්, අඩුම තරමින් ආරක්ෂක රාජ්‍ය ඇමති කෙනෙක්වත් නැහැ. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හරහා අමාත්‍යංශයේ වැඩටික කරගෙන යනවා.

ඉතින් ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයව එයාගෙම අයියව, ආරක්ෂක ඇමැතිකරන්න තරම්වත්  විශ්වාසයක් නැත්නම්, සුදුසු නැත්නම්,  මහින්ද මහත්තයාව අගමැති කමට සුදුසු වෙන්නේ කොහොමද ?  

ඒවගේම ආරක්ෂක ඇමති කමටවත් නොසුදුසු මහින්ද අයියාව, ජනාධිපතිතුමා අගමැතිකමට පත් කරයි කියලා විශ්වාසයක් තියනවද ?  ජනතාව මේ ගැනත් වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතුයි.' යයි උපාලි පියසෝම වැඩිදුරටත් පවසා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්