එළඹෙන මහ මැතිවරණයෙන් පසු ලබන අගෝස්තු මස 10 වැනිදා සිට සියලූ රජයේ පාසල් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා

සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ පාසල් විවෘත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ඉදිරියේදී සිදුකරන බවයි.    

පුද්ගල දුරස්ථභාවය අනුව පංති කාමරය සකස් කිරීමට කටයුතු කරන බවත්, පාසල තුළ ළමයින්ගේ සෞඛ්‍ය  පිළිබඳ ගැටලු අධ්‍යනය කිරීමට කණ්ඩායමක් පත් කරන බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

පාසල් විවෘත කිරීමේ පළමු අදියර හෙට (27) සිට 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව ආරම්භ කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්