ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රෙගුලාසි නිකුත් කිරීමට ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයෙකු නොමැති හෙයින්,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව යටතේ, ජනාධිපතිවරයාට එම රෙගුලාසි නිකුත් කළ හැකි බවට  නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි 'අනිද්දා' සති අන්ත පුවත්පත වාර්තා කරයි.

'අනිද්දා' මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ වාර්තාකර ඇති පරිදි, නීතිපතිවරයා එම උපදෙස් දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ටය.  ඒ, ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පුනරුත්තාපනය කිරීමේ බලතල පුනුරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට යොමු කරන්න ලද රෙගුලාසි ගැන ප්‍රතිචාර දක්වමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ)  ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන් වන්නේ මේ ආකාරයටය. '' රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක  කළ යුත්තේය.

නීතිපතිවරයා එම උපදෙස් ලබා දීමට හේතු වී ඇත්තේ, රට තුළ ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයෙකු නොසිටීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රෙගුලාසි පැනවිය හැක්කේ ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාට පමණක් වීම නිසාත්ය.

''පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් බරපතළ චෝදනා නොමැති පුද්ගලයන් පුනරුත්ථාපන කදවුරුවලට යොමු කිරීමට බව පවසමින් මෙම රෙගුලාසි ගෙන ඒමට නියමිතය.''

ආරක්ෂක අමාත්‍යාංශයෙන් යොමු කර තිබූ එම රෙගුලාසිවලට නීතිපතිවරයා සංශෝධන සිදු කරනු ලැබූ බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් 'අනිද්දා' කළ විමසීම්කදී පවසා තිබේ.

දැනගන්නට ලැබෙන පරිදි නීතිපතිවරයා සංශෝධනයට ලක් කළ එම රෙගුලාසි මේ වන විට කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සඳහා යොමු කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් බරපතළ චෝදනා නොමැති පුද්ගලයන් පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කිරීමට බව පවසමින් මෙම රෙගුලාසි ගෙන ඒමට නියමිතය.

පුනරුත්තාපන කටයුතු සඳහා විශේෂ රෙගුලාසි අවශ්‍යද යන්න පිළිබඳව 'අනිද්දා' කළ විමසීමකදී නිර්නාමිකව පෙනී සිටීමට කැමතියි ජ්‍යෙෂ්ඨ නීතිඥයකු පවසා ඇත්තේ, උතුරේ පැවති යුද්ධයේ දී අත්අඩංගුවට ගත් හා භාර වූ පුද්ගලයන් පුනරුත්තාපනය කළේ විශේෂ රෙගුලාසිය කින් නොමැතිව බවය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image