මැතිවරණ දේශපාලනයෙන් සමුගත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ළඟදීම අලුත් ජන හිතකාමී වැඩසටහනකට අත ගැසීමේ සුදානමකින් පසුවන බව වාර්තාවේ.


භුමි හරේන්ද්‍ර සමග 'ලංකාදීප ඔන්ලියින්' ඔස්සේ විකාශණය වු වැඩසටහනක ඔහු ඒ සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් පළකළේය.

එම සාකච්ඡාවේදී ඔහු මෙසේ සඳහන් කළේය.

''කෝවිඩ් 19ත් ඒක්ක ඇදිරි නීතියත් ආවා. ඒ හේතුවෙන් මගේ අවුරැදු 30 ක පමණ දේශපාලන ජීවිතයේ විශාල අවකාශයක් නිර්මාණය වුනා, අපේ රටේ දේශපාලණය ගැන අලුතින් හිතන්න. මම විශාල ගැටලුවකට මුහුණ දීල හිටියේ මේ යන දේශපාලනය පිළිබදව.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය මුස්ලිම් ජාතිකයින් අදාහනය කිරීමට ඒරෙහිව ස්ථාවරයක් ගත යුතු බවට මා සමගි ජන බලවේගයට දැන් වුවා. ඒමෙන්ම, සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට විරැද්ධ විය යුතු බවට මා ප්‍රකාශ කළා. නමුත් මේ කිසිවක් සම්බන්ධව ස්ථාවරයක් ගන්නට සමගි ජන බලවේගයට නොහැකි වුනා.

මේවත් ඒක්ක මට කල්පනා වුනා මගේ ප්‍රථිපත්තීන් සමග සමගි ජන බලවේගයේ දේශපාලනය කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ කියලා.

 

''මම තවමත් එජාපයේ සාමාජිකයෙක්''

ඒක්සත් ජාතික පක්ෂයේ පැවති ආරවුල විසදීමට මම, කබීර්, මලික්, තලතා වගේ අය ඒකතුවෙලා අලුත් යෝජනාවලියක් සැකසුවා. ඒය තමයි ඒක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ විසිනුත්, ගොඩනැගෙන නව සංධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතාත් විය යුතු බව.

 ඒය මුලු කෘත්‍යාධිකාරී මණ්ඩලයම පිළිගත්තා. නමුත් දෙපාර්ශවයේම පිරිසක් හිටියා මෙය කඩාකප්පල් කිරීමට. ඒ නිසායි මෙම තත්ත්වය නිර්මාණය වුනේ. නමුත් මම අන්තිම දවස වෙනකම් හිතුවේ මේ දෙපාර්ශවය ඒකතු කරන්න.

රනිල් වික්‍රමසිංහ නායකත්වය හැර වෙනත් සුදුසු නායකත්වයක් එක්සත් ජාතික පක්ෂය තුළ පෙන්නවත් නැහැ. ඔහුට මේ රටේ නායකත්වය ලැබුනත් ඒතුමාට කවදාවත් පලමු ස්ථානය සිට වැඩ කරන්න පුලුවන් වුනේ නැහැ. ඔහුට ඒ තත්ත්වය ලැබුනා නම් අද මේ රටේ සැහෙන වෙනසක් සිදු වෙලා.

මම තවමත් විශ්වාස කරන්නේ මේ රටේ සියලුම ජාතීන්ට ඉන්න පුලුවන් ඒකම පක්ෂය ඒක්සත් ජාතික පක්ෂය කියලා.  මම තාමත් ඒක්සත් ජාතික පක්ෂයේ, මම ඒක්සත් ජාතික පක්ෂයෙන් අයින්වෙලා නැහැ.''

එම සම්පුර්ණ වැඩසටහන පහත දැක්වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්