විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය රජය විසින් ලබන සතියේ සිට යළි ආරම්භ කරනු ඇතැයි
යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
'නෙත් නිවුස්' කළ විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා මේ බව සඳහන් කර ඇත.
නිරෝධායනයට යොමුකිරීමේදී ඇතිවන ගැටලූ පිළිබඳ සලකා බලා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය ඉකුත් දා තීරණය කළේය.
මේ අතර ගුවන් තොටුපළ බලධාරීන් පවසන්නේ, සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇති බවයි.
ඒ අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පවසයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ඔහු කියා සිටියි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කරන ඔහු පවසන්නේ, පවතින ක්‍රියාවලිය තුළ ලංකාව තුළට ගුවන් යානයක් ගෙන්වා ගන්නේ සෑම පැය 04කට හෝ 06කට සැරයක් බවයි. එලෙස පැමිණියත් දිනකට ගුවන් මගීන් සමග ගෙන්වා ගත හැක්කේ ගුවන් යානා 04ක් වැනි ප්‍රමාණයක් බවත් ඔහු මිට ඉහත දී සඳහන් කර තිබිණ.