සන්නද්ද මැර පිරිසක් ඊයේ (ජුලි 26) පස්වරුවේ නිට්ටඹුවේ පිහිටි පොල්ගහආගාර වත්තට ඉඩමට නිට්ටඹුව පොලිසිය ද
සමග කඩාපැන, එහි පදිංචිව සිටින පුද්ගලයින් පන්නා දමා නිවාස හා ඉඩම අත්පත් කර ගැනීමට දැමීමට දැරූ උත්සහයක් ප්‍රදේශවාසීන් මැදිහත්වීම නිසා ව්‍යර්ථවී තිබේ.
මෙම සිද්ධියට අදාල වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර එහි සඳහන් පරිදි එම මැරපිරිස චානුක රත්වත්තගේ 'සෙන්ට්‍රිකෝ සිකුරිටි' (Sentryco Security) ආයතනයේ භට පිරිසක් බවට හඳුනාගෙන ඇත.
ජීප් රථ වලින් පැමිණි එම මැර කණ්ඩායම ගම්වාසීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් පලා යන ආකාරය වීඩියෝවේ සටහන්ව ඇත.
පසුබිම් කතාව මෙන්න :
මෙසේ බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට පැමිණි නිට්ටඹුව (පොල්ගහගාරවත්ත) අක්කර 30ක පමණ ඉඩම කෝටිපති ව්‍යාපාරික ක්‍රිස්ටෝපර් අසෝක දසනායක නැමැත්තාට අයත්ව තිබුවක් බව අනාවරණය වේ.
මේ වසරේ (2020) ජනවාරි 15දා එම ව්‍යාපාරිකයාව මැර කණ්ඩායමක් විසින් පිහියකින් ඇන වෙඩි තබා පලා ගොස් ඇති අතර රෝහල් ගත කළ පසුව ජනවාරි 19දා මිය ගොස් තිබිණ.
මුදල් කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇතැයි පැවසුන මෙම ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයකු හා තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මැයි 14 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.
කොළඹ කොල්ලුපිටියේ කර්නල් ටී.ජී. ජයවර්ධන මාවතේ පදිංචිව සිටියදී මෙසේ ඝාතනයට ලක්වූ ප්‍රකෝටිපතියා සතු රුපියල් කෝටි හාරසියයක් පමණ වටිනා ඉඩමක් අත්පත් කර ගැනීම සඳහා මෙම ඝාතනය කොන්ත්‍රාත්තුව කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
''රට පුරා ඇති කෝටි ගණන් වටිනා ඉඩම්වලට හොර ඔප්පු හදා විකිණීමට සූදානම් වූ කල්ලියක් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට දැනට අනාවරණය වෙමින් තිබේ.''
කෝටි දෙකක කොන්ත්‍රාත්තුව දුන් ප්‍රබලයකු දැනට අතුරුදන්වී ඇති අතර ඔහුගේ උපදෙස් මත ඝාතනය සිදුකළ පුද්ගලයා කුලීවැඩ කරන මංකොල්ලකරුවකු බව හෙළිවී තිබේ.
ව්‍යාපාරිකයාගේ බිරිඳ හා දරුවන් මීට වසර කිහිපයකට පෙර රිය අනතුරකින් මියගොස් ඇත.
ඔහුට අයත් රට පුරා ඇති කෝටි ගණන් වටිනා ඉඩම්වලට හොර ඔප්පු හදා විකිණීමට සූදානම් වූ කල්ලියක් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට දැනට අනාවරණය වෙමින් තිබේ.
පොල්ගහආගාර වත්ත පදිංචි ධනසිරි පොලිස් කොමිසමට ලියයි :
අප වෙත වාර්තාවන පරිදි මැර පිරිසක් විසින් ඊයේ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සහ දරු ඉඩමේ වත්මන් හිමිකරු ලෙස සැලකෙන්නේ ධනසිරි විජේසිංහ නමැත්තෙකි. ඔහු ඝාතනයට ලක්වූ ව්‍යාපාරික ක්‍රිස්ටෝපර් අසෝක දසනායක නැමැත්තාගේ සමීපතම ඥාතියෙකි.
පොල්ගහවෙල පිහිටි ඉඩම තමන්ට තෑගි ඔප්පුවකින් ලබාදුන්නේ ක්‍රිස්ටෝපර් අශෝක දසනායක යන අයගේ නැන්දණිය වන අයිරින් පිලිස් පෙරේරා විජේසේකර ගුණවර්ධන විසින් බව ධනසිරි විජේසිංහ පවසයි.
එසේ තමන්ට ලැබුන ඉඩම මැර පිරිසක් විසින් පොලිසියේ හා දේශපාලන බලය යොදා ගනිමින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට දරන උත්සාහය අනාවරණය කරමින් ධනසිරි විජේසිංහ විසින් 2020 මැයි මස 11 දා පොලිස් කොමිසමට යොමු කළ තිබු ලිපියක් පහත පළවේ.