ෂෝටෝකාන් කරාතේ ශෛලයෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර දක්ෂතා පෙන්නුම් කළ උඩිස්පත්තුව අමු පිටිය ජාතික පාසලේ සහ

උඩිස්පත්තුව ප්‍රාථමික  විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ලබන සඳුන් සෙව්මිණ (16), දිව්මි තක්ෂ්මිලා (12), චේතන විදුෂාන් (10), ඔෂද විදුෂාන් (06) යන දරුවන් ඇගයීම සදහා පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ කටයුතු කර තිබේ.

ඒ අනුව ඔහු මහනුවර උඩිස්පත්තුව ඇටඹගහවත්ත ප්‍රාදේශයේ ඔවුන්ගේ නිවස වෙත ගොස් එම දරුවන්ගේ දක්ෂතා අගය කර ඉදිරියේදී ඔවුන්ගේ තරගාවලි සදහා අවශ්‍ය කරන සහාය ලබාදෙමින් ඔවුන් සදහා සවියක්වීම සදහා පොරොන්දු වී ඇත.

හෙට දවසේ රටේ අනාගතය අද දවසේ දරු පරපුර මත තීරණය වන බවත්, මෙවන් දක්ෂතා ඇති දරුවන් ජාතික සම්පත් වශයෙන් සළකා ඔවුන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ශක්තිය වීම අත්‍යවශ්‍ය බවත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරුන් සහ එම දරුවන්ගේ ක්‍රීඩා උපදේශකවරයා වශයෙන් කටයුතු කරන එස්.සූරියභවන්  ද එක් ව සිටියහ.

උඩිස්පත්තුව ඇටඹගහවත්ත පදිංචි ප්‍රියන්ත සංජීව ධර්මරත්න සහ ඒ.ඩී.චාන්දනී යුවල මෙම දරුවන්ගේ මව්පියන්ය.

Karate Kandy

Karate Kandy 2

Karate Kandy 3

Karate Kandy 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්