මෝටර් රථ ආනයන තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ කවදාද යන්න නිශ්චිතව දැක්වෙන සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස

ශ්‍රී ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

සිය සංගමය සාමාජිකයන් මිලදී ගැනීම් සඳහා සූදානමින් සිටින බැවින් එලෙස ආනයන තහනම ඉවත් කෙරෙන නිශ්චිත කාලයක් දැනුම් දෙන තුරු දැනට විවෘත කර ඇති ණයවර ලිපි වෙනුවෙන් වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය යුතු බවද එම සංගමයේ ලේකම් ආරෝෂ රොද්‍රිගු පැවැසීය.

මෙරට මෝටර් රථ වෙළෙඳාම බිඳ වැටීමකින් තොරව පවත්වා ගැනීමට නම් ඇතැම් වාහන කාණ්ඩවලට පනවා ඇති ආනයන තහනම වහාම ඉවත් කළ යුතු බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

රජය විසින් ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් නොකරන්නේ නම් තම පාර්ශ්වය විසින් ඒ සඳහා සකස් කර ඇති සවිස්තරාත්මක සැලැස්මට අනුමැතිය ලබාදෙන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.

කෙසේවුවද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු  ශ්‍රී ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ නිලධාරියකුට පවසා ඇත්තේ, පළමුව දැනට ආනයනය කර ඇති වාහන දහස් ගණන අලෙවිකර ගැනීමට පළමුව කටයුතු කරන ලෙසයි.

 

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයන කරුවන්ද අනාතයි !

ආණ්ඩුව විසින් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් මේවනවිට එම ක්ෂේත්‍රයේ නිරතව සිටි ව්‍යාපාරිකයින් ද බරපතල මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර ඒ ආශ්‍රීත රැකියාවන් හි නිරතව සිටි දහස් ගණනකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ද මතුව තිබේ.

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.

ආනයනය කිරීම් තාවකාලිකව නවත්වමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ඇතැම් භාණ්ඩ හා උපකරණ සංශෝධනය කිරීමට රජය මේවනවිටත් කටයුතු කර ඇත.


සබැඳි පුවත් :
ජනාධිපති ලේකම් 'බ්‍රෑන්ඩඩ්' සපත්තු දාන නිසා සිදුවූ සංශෝධනයක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්