භික්ෂුන් පාර්ලිමේන්තු යන ශ්‍රී ලංකාවේ, භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම සම්බන්ධයෙන්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

 භික්ෂුණීන් ඡන්ද අයිතියට බාධාවක් වීම වලක්වා ලීමේ ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස මැතිවරණය සදහා සැකසු විශේෂ හැදුනුම්පතක් හදුන්වා දීම සුදුසු බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යෝජනා කරන්නේ.

"භික්ෂුනීන්හට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ගැටළුවක් පවතින බැවින් ඒ සදහා ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස මැතිවරණය සදහා සැකසු විශේෂ හැදුනුම්පතක් හදුන්වාදීම. එහිදී " පුජ්‍ය පක්ෂය" ලෙස හැදුනුම්පතෙහි පොදුවේ දැක්වීම මගින් භික්ෂුනීන්හට ද සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසාගත හැකිය."

 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී, ආචාර්ය දීපිකා උඩගම එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ලිපියක් යොමු කරමිනි.

 

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්ද අයිතිය අහිමි වීම:

නිල වශයෙන් පිළිගැනීම බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන්, ජාතික හැඳුනුම්පතක් ලබාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාවේ සිටින 8000 කට ආසන්න බෞද්ධ භික්ෂුණීන් වහන්සේට ඡන්ද අයිතිය අහිමි වීම ගැන 2019 ජනාධිපතිවරණයේ දී මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව තිබුණි.

උන්වහන්සේලාට ඡන්ද අයිතිය ලබා දීම වෙනුවෙන් එදා සිට අද වන තුරු කළ මැදිහත් වීමක් ගැන ආචාර්ය උඩගම ලියු ලිපියෙන් පැහැදිලි නොවේ.  

"මහ මැතිවරණය 2020- මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා/නිර්දේශ" යන  ශිර්ෂය යටතේ ජුලි මස 24 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  යොමු කළ එම ලිපිය මගින් යෝජනා/ නිර්දේශ 13 ක් ඉදිරිපත් කර තිබේ.

 මහ මැතිවරණය පැවැත්වීමේදී මානව හිමිකම් ප්‍රමිතීන් පිළිබද අනුකුලතාවය  වඩාත් සාර්ථක කරගැනීම සදහා එම යෝජනා/ නිර්දේශ ඉදිරිපත් කරන බව ආචාර්ය දීපිකා උඩගම එම ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත.

 සියළු ආකාරයේ ආබාධ සහිතවුවන්හට ඡන්දය භාවිත කිරීමට පැමිණීමට බාධාවන ප්‍රවේශ ගැටළු සහ ඡන්දය භාවිත කිරීමේදී පිළිගත හැකි ක්‍රමවේද තහවුරු කිරීම කිසිවෙකුත් අත් නොහැරෙන මැතිවරණයක් තහවුරු කිරීම සදහා බෙහෙවින් උපකාරී වනු ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය පෙන්වා දෙයි.

 එක් ජනවර්ගයකට හෝ ආගමික ප්‍රජාවන්ට අයත් වන ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත නොකිරීම මෙන්ම භුගෝලීය වශයෙන් හුදකලා ප්‍රදේශවල ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිත කිරීමට හැකි වන ලෙස පහසු සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් සකස් කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කර තිබේ.

 

ආරක්ෂාව යෙදවීම ඡන්ද දායකයන් පැමිනීම වැලැක්වීම සදහා නොව..

මැතිවරණ සමයේ අතිරේක ආරක්ෂාව යෙදවීම ඡන්ද දායකයන් පැමිනීම වැලැක්වීම සදහා නොව ඡන්දයේ නිදහස්, සාධාරණ හා බලපෑමකින් තොර තත්වය පවත්වාගෙන යාම සදහා යන හැගීම ඇති වන ආකාරයට කටයුතු කිරීමේ වැදගත් කමත් ආචාර්ය දීපිකා උඩගම  විසින් පෙන්වා දී තිබේ.

මීට අමතරව පශ්චාත් මැතිවරණ සමයේදී අවධානයට යොමු කළ යුතු අංශ පිළිබදවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය යෝජනා/ නිර්දේශ ඇතුලත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  වෙත යොමු කළ ලිපියේ අන්තර්ගත කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්