සෑම දිනකම මුඛ පිළිකා රෝගීන් හය දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ හඳුනා ගනු ලබන අතර මුඛ පිළිකා හේතුවෙන් දිනකට පිරිමින් තුන් දෙනකු මිය යන බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ පිළිකා අතර දෙවැනි ස්ථානය ගන්නා මුඛ පිළිකාව මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව වනවා සේම  පිරිමින්ගේ පිළිකා අතර දෙවැනි ඉහළම මරණ අනුපාතය ඇති පිළිකාව ද එය බවයි රජය පවසන්නේ.

එසේම එය කාන්තා පාර්ශවය අතර බහුලව දක්නට ලැබෙන පිළිකා 10 අතරටද ඇතුළත් වෙයි.

වර්තමානයේ හමුවන පිළිකා වලින් 70%ක් පමණ කල්ගතවී හඳුනාගන්නා එනම්, තුන්වැනි හා හතරවැනි අවධියේ පිළිකා වන බැවින් සුව වීමට ඇති ඉඩ ප්‍රස්ථාවද සීමා සහිත බවද රජය පවසයි.

2020 ජුලි 27 වන දිනට යෙදී ඇති හිස සහ ගෙල ආශ්‍රිත ලෝක පිළිකා දිනය නිමිත්තෙන් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

“හදුනාගත්තොත් පමා නොවී - ජීවත් විය හැක පසු නොතැවී” මුඛ පිළිකාව කළින් හදුනාගනිමු - නොපමාව ප්‍රතිකාර ගනිමු” යන්න  මෙවර එහි තේමාව වී තිබේ.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ, විශේෂඥ ප්‍රජා දන්ත වෛද්‍ය උදය උස්ගොඩ ආරච්චි, විශේෂඥ වෛද්‍ය පද්මා ද සිල්වා, විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර  සහ විශේෂඥ වෛද්‍ය රසිකා දිසානායක ගේ සහභාගීත්වයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කර ඇත්තේ මුඛ පිළිකා සදහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ බුලත් විට සැපීම, දුම්කොළ, පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, දුම්පානය සහ මත් වතුර භාවිතය බවයි.
images
2015 සංගණන දත්ත අනූව ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් 45.7% සහ කාන්තාවන්ගෙන් 5.3% කිසියම් ආකාරයක දුම්කොළ නිෂ්පාදනයක් (දුම් සහිත හෝ දුම් රහිත) භාවිතා කරන අතර, ලංකාවේ පිරිමින්ගෙන් 34.8%ක් සහ කාන්තාවන්ගෙන් 0.5%ක් මධ්‍යසාර භාවිතා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වතු කම්කරුවන්, රියැදුරන්, ධීවරයන්, පතල්කරුවන්, ගොඩනැගිලි තනන්නන්, මුරකරුවන් සහ ගොවීන් මෙරටේ  මුඛ පිළිකාවට සම්බන්ධ අවදානම් සාධක වැඩිපුර භාවිතා කරන කණ්ඩායම් වශයෙන් හදුනාගෙන තිබේ.

ඔවුන් අතරින් වාර්තා වන පූර්ව මුඛ පිළිකා සහිත පුද්ගලයන් මෙන්ම, මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාවද අධික බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.


කෝවිඩ් 19 වසංගත තත්ත්වය මුඛ පිළිකාට වක්‍රව බලපන බව!


මුඛ පිළිකා අවදානම් සාධක කෝවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියටද වක්‍රව බලපන බව රජය පෙන්වා දෙයි.

"එනම් දුම්පානයේදී මෙන්ම බුලත්විට සැපීමේදී නිරන්තරයෙන් අත සහ මුඛය ස්පර්ශ වීම, මෙම ද්‍රව්‍ය එකිනෙකා අතර හුවමාරු කරගැනීම මෙන්ම බුලත්විට හැපීම සමග බැදී ඇති කෙළ ගැසීමේ පුරුද්ද මෙම ආසාදනය පැතිරීමේ අවදානම වැඩි කරයි. 

එමෙන්ම දුම්පානයෙන් පෙනහළු, හෘදය සහ ශරීරයේ අනෙකුත් අවයව වලට හානි පමුණුවන නිසා, දුම්පානය කරන්නන් හට කෝවිඩ් 19 හි සංකූලතා ඇතිවීමට වැඩි හැකියාවක් පවතී."

බොහෝ මුඛ පිළිකා ඇතිවීමට පෙර මුඛ කුහරය තුළ පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් හටගන්නා අතර  පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් මෙන්ම මූලික අවධියේ මුඛ පිළිකාද, ස්වයං මුඛ පරීක්ෂාවකින් හෝ සායනික මුඛ පරීක්ෂාවකින් හදුනාගැනීමේ හැකියාවක් පවතින බව රජය වැඩි දුරටත් අවධාරණය කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්