ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනතාවගෙන් තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කරන්නේ ව්‍යවස්ථාවේ කිනම් වෙනස්කම් සිදු කිරීමට දැයි

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රටට හෙළි කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔවුන් තුනෙන් දෙකක බලයක් ලබා ගෙන සිදුකිරීමට අපේක්ෂා කරන වෙනස්කම් පිළිබඳ අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී පුරෝකථනය කළේය.

තමාගේ පුරෝකථනය වැරදි බව එම පාර්ශවය පවසන්නේ නම් එය ඉල්ලා අස්කර ගැනීමට තමා සුදානම් බව ද ඔහු පැවසීය.

 

'තුනෙන් දෙක ඉල්ලුවාට කරන දේ ගැන දන්නෙ නෑ' - වාසුදේව කියයි  

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සති අන්ත 'අනිද්දා' පුවත්පතට පවසා ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ප්‍රකාශ කරමින් තුනෙන් දෙකක බලය ලබා දෙන ලෙස ආණ්ඩුවේ නායකයන් ඉල්ලා සිටියද ආණ්ඩුව නියෝජනය කරන සන්ධානයේ නායකයන් අතරවත් නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුත්තේ කුමක්දැයි එකඟතාවයක් නොමැති බවයි .

ආන්ඩුවේ පක්ෂ නායකයන් අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳව කිසිම ආකාරයක සාකච්ඡාවක් සිදු කර නැති බව ඔහු අවධාරණය කර සිටීයි.

ආණ්ඩු සන්ධානයෙන් තීන්දු ගැනීම සඳහා වන ඉහළම ආකෘතිය එම සන්ධානයේ පක්ෂ නායක හමුව බවත්, එහි නායකයින් අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳව විවිධ අදහස් ඇති බවත් ඔහු ' අනිද්දා' පුවත්පතට පවසා තිබේ.

''මහින්ද රාජපක්ෂ, තමා ඇතුළු නායකයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි විශ්වාස කරන බවත් උදය ගම්මන්පිල වැනි නායකයන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ යුතු යැයි විශ්වාස කරන බවත් ඔහු උදාහරණ ලෙස පෙන්වාදී ඇත.''

මහින්ද රාජපක්ෂ, තමා ඇතුළු නායකයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි විශ්වාස කරන බවත් උදය ගම්මන්පිල වැනි නායකයන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ යුතු යැයි විශ්වාස කරන බවත් ඔහු උදාහරණ ලෙස පෙන්වාදී ඇත.

19 වැනි සංශෝධනය වෙනස් කළ යුතු බව බොහෝ නායකයන් ප්‍රකාශ කර නමුත්, ඊට පසුව කළ යුතු කළ යුත්තේ කුමක්දැයි නායකයන් අතර එකිනෙකට පරස්පර අදහස් පවතින බව ද වාසුදේව නානායක්කාර පෙන්වා දී තිබේ.

 කෙසේ වෙතත් 2015 දී බලයට පත්වූ පාර්ලිමේන්තුව පත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක සභාවේ දී එකඟ වූ ව්‍යවස්ථා යෝජනා ආණ්ඩුවේ නායකයන් පිළිනොගන්නා බව ද ඔහු  'අනිද්දා' පුවත්පතට පවසා ඇත.

මීට පෙර 18 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී මෙන් ආණ්ඩුවේ ඉහළම නායකයන් සකස් කරන ව්‍යවස්ථා කෙටුම්පතකට  අත එසවීමට සිදු වේදැයි 'අනිද්දා' විමසූ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඒ ගැන තවමත් නිශ්චිතව කිව නොහැකි බවයි.

 ඉන්දියා වසර හැත්තෑවක් (70) තිස්සේ එකම ව්‍යවස්ථාවට එකඟව එය රැකීමත් ශ්‍රී ලංකාවේ එකම දේශපාලන පක්ෂය කණ්ඩායම් අතර පවා මතභේද පැවතිම ගැන සැලකිල්ලට ගත් යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෙරමුණේ නායකයා වැඩිදුරටත් පවසා ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්