ඡන්දය හා සම්බන්ධයෙන් වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් හරි අඩක්ම සම්බන්ධයෙන් වගකිව යුත්තේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) විසින් එළිදක්වන ලද අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ.

 වැඩිම ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වී ඇත්තේ වත්මන් අගමැති තරග වදින කුරුණැගල දිස්ත්‍රික්කයෙනි. අනුරාධපුර දිස්ත්‍රික්කය දෙවැනි ස්ථානයත්  වන්නි දිස්ත්‍රික්කය තුන්වැනි ස්ථානයත්  හිමි කරගෙන තිබේ.

 පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට  ජුලි 26  දා දක්වා රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 679 කි. එයින් 341 ක්ම සම්බන්ධයෙන් පොහොට්ටුවට විරුද්ධව පැමිණිලි ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා 123  ක් සම්බන්ධයෙන් චෝදනා ලබමින් දෙවැනි තැනට පැමිණ ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි.

ප්‍රචණ්ඩතාවෙන් තුන්වැනි තැන හිමිකර ගන්නේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයයි.

 

TNA සහ NPP:

උතුරු නැගෙනහිර පමණක් තරග වදින ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රචණ්ඩ ක්‍රියා 29 ක් ගැන චෝදනා ලබමින් සිව්වැනි තැනත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය මැරකම් 18  ක් පිළිබඳ චෝදනා ලබා පස්වැනි තැනටත් පැමිණ සිටී.

 පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා 12 ක්ද   තමන්ට වාර්තා වී ඇති බව CMEV පවසයි.

incident 2020

 

පැමිණිලි කරන්න:

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පහත විස්තර ප්‍රයෝජනයට ගන්නා මෙන් CMEV සම්බන්ධීකාරක මංජුල ගජනායක  ඉල්ලා සිටී.


160, පූර්වාරාම පාර, කිරුලපොන කොළඹ 5

 දුරකතනය: 011 2826384, 011 2826388

 ෆැක්ස්: 011 2826146

 ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

මේ අතර, මෙවර මහ මැතිවරණය ආශ්‍රිතව රාජ්‍ය නිලධාරීන් විසින් කරනු ලබන උල්ලංඝන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දවසේ ඕනෑම වෙලාවක දුරකතන අංක 1996 ඇමතිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

 අලුතින් පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයේ එම අංකය ඇමතීමට අමතරව  අංක 14 ආර්. ඒ ද මැල් මාවත, කොළඹ 4 ලිපිනයට, ෆැක්ස් අංක  011- 2505574ට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් යොමුවට මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකය භාර නිලධාරියාට ලියා දන්වා එවන පැමිණිලි භාරගන්නා බව කොමිසමේ ලේකම් නිකුත් කළ නිවේදනයක දැක්වේ.  

incident 2020 distric

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්