ජනප්‍රිය දේශපාලන විචාරකයකු වන මිලින්ද රාජපක්ෂ විසින් රචිත 'කොරෝනා ඩයරිය' කෘතිය එළිදැක්වීම ජුලි 31දා සවස 6.00ට

කොළඹ 3, කොල්ලුපිටිය අල්විස් පෙදෙසේ 'අයිඩියා හෙල්' හි දී සිදුකෙරේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ හමුවක් සංවිධානය කර ඇති අතර 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගී වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ හා කලා ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහිදී විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.

'මිලින්දගේ කොරෝනා ඩයරිය' කෘතියට පෙරවදන ලියා ඇත්තේ නාමල් රාජපක්ෂයි. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි මොහාන් සමරනායක හා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙම කෘතියේ පසුවදන් ලියා තිබේ.

Invitation

මේ සම්බන්ධයෙන් 'මිලින්ද රාජපක්ෂ සිය FB පිටුවේ මෙසේ සටහනක් පළකර ඇත.

'' පෞද්ගලිකව කතාකරල, හමුවෙලා ආරාධනා කරන්න බැරි නිසා
මේ මැසේජ් එක ගෞරවණීය ආරාධනයක් ලෙස පිලිගන්න.
කථිකයන් තිදෙනා සහ ප්‍රධාන ආරාධිතයා වෙලාවට එන නිසාත්
ආසන සීමිත නිසාත් 5.45 වන විට ඇවිත් අසුන් ගන්න.
සිකුරාදාට හමුවෙමු.
කැමතිනම් මේ ඊ ඉන්විටේශන් එක ෆේස්බුක් එකේ හෝ මිතුරන් සමග බෙදාගන්න.'' 

ස්තුතියි.
මිලින්ද.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්