'යුගය' (yugaya.lk) පුවත් වෙබ් අඩවියට එල්ලවූ 'අදිසි හැකර්' ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ,

සයිබර් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසු විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතත්, මේ දක්වා ඊට අදාල සැකකරුවකු හඳුනා ගැනීමට නොහැකි වී ඇතැයි එම වෙබ් අඩවියේ කර්තෘ තුසිත ප්‍රභාත් theleader.lk වෙත පැවසිය.

පසුගිය සිකුරාදා ( ජුලි 17) 'යුගය' E- පුවත්පත ඇතුළත් වෙබ් අඩවියට පිවිස එහි නාමය පවා වෙනස් කරමින් විවිධ ව්‍යාජ පුවත් ඇතුලත් කරමින් හැකර්වරුන් කළ මෙම ප්‍රහාරයෙන් පසු මේවනවිට එම වෙබ් අඩවිය යලි යාවත්කාලින කිරීමට කටයුතු කර තිබේ.

යුගය' (yugaya.lk) පුවත් වෙබ් අඩවියට එල්ලවූ 'අදිසි හැකර්' ප්‍රහාරය හෙලා දකිමින් නිවේදනයක් නිකුත්කර ඇති 'ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සහ කලාකරුවෝ සංවිධානය, මෙය පැහැදිලිවම අදිසි බලවේගයක බළල් අතක් විසින් සිදුකර ඇති බව ප්‍රත්‍යක්ෂ වී ඇතැයි කියා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්