ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ රාජ්‍ය හා ව්‍යාපාරික මාධ්‍ය ආයතන විසින් දැන්වීම් ප්‍රචාරය සඳහා අයකරන ගාස්තුව මෙවර මහ මැතිවරණය සමයේ

දෙගුණයකටත් වඩා ඉහල දමා ඇති ආකාරය අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

භාෂා තුනෙන් පළවන පුවත්පත් තුනක්, රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය වන රූපවාහිනී නාලිකා තුනක් හා ගුවන් විදුලි නාලිකා තුනක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදු කර ඇත්තේ 'වෙරිටේ' පර්යේෂණ ආයතනය විසිනි.

එම වාර්තාවේ දැක්වෙන පරිදි පුවත්පත්, රූපවාහිනී සහ ගුවන් විදුලිය යන ජන මාධ්‍ය තුන අතුරින් වැඩිම ප්‍රතිශතයකින් දේශපාලන දැන්වීම් සදහා මිළ ඉහළ දමා ඇත්තේ ගුවන් විදුලි නාලිකා විසිනි.

''පුවත්පත්, රූපවාහිනී සහ ගුවන් විදුලිය යන ජන මාධ්‍ය තුන අතුරින් වැඩිම ප්‍රතිශතයකින් දේශපාලන දැන්වීම් සදහා මිළ ඉහළ දමා ඇත්තේ ගුවන් විදුලි නාලිකා විසිනි.''

අසන්නන් වැඩිම පිරිසක් සවන්දෙන කාලය තුල තත්පර 10 ක වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය වෙනදාට රුපියල් හත් දහසක මුදලක් අයකළ 'සියත' ගුවන් විදුලිය එම කාලය තුලදී දේශපාලන දැන්වීමක් ප්‍රචාරය කිරීම සදහා අය කරන මුදල රුපියල් විසි හතර දහස දක්වා ඉහළ දමා තිබේ.

වෙරිටේ පර්යේෂණ ආයතනය පෙන්වා දෙන පරිදි එය 3.4 ක මිළ  වැඩිවීමකි.

කාර්ය බහුල වේලාවන් තුලදී තත්පර 10 ක දේශපාලන දැන්වීමක් ප්‍රචාරය සදහා නෙත් ගුවන් විදුලියත්  2.1 රන් ගුවන් විදුලියත් දෙගුණයකින් මිල ඉහල දමා ඇත.

සමීක්ෂණයට භාජනය වු රූපවාහිනී අතුරින් දේශපාලන දැන්වීම් සදහා වැඩියෙන්ම  මිළ ඉහළ දමා ඇත්තේ වන හිරු පෞද්ගලික නාලිකාවයි. එය තුන් ගුණයකට ආසන්නය.

''සමීක්ෂණයට භාජනය වු රූපවාහිනී අතුරින් දේශපාලන දැන්වීම් සදහා වැඩියෙන්ම  මිළ ඉහළ දමා ඇත්තේ වන හිරු පෞද්ගලික නාලිකාවයි. එය තුන් ගුණයකට ආසන්නය.''

වැඩි ප්‍රේක්ෂක පිරිසක් නරඹන කාලය තුලදී තත්පර 10 ක වාණිජ දැන්වීමක් ප්‍රචාරය සදහා රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක මුදලක් අයකළ එම නාලිකාව එම කාලය තුලදී දේශපාලන දැන්වීමක් ප්‍රචාරය කිරීම සදහා අය කරන මුදල හාර ලක්ෂ හැත්තෑපන්දහස දක්වා ඉහළ දමා තිබේ.

වෙරිටේ පර්යේෂණ ආයතනය පෙන්වා දෙන පරිදි එය 2.7  ක මිළ ඉහල යෑමකි.

තත්පර 10 ක දේශපාලන දැන්වීමක් වැඩි ප්‍රේක්ෂක සහභාගිත්වයක් ඇති කාල සීමාව තුල ප්‍රචාරය සදහා ස්වර්ණවාහිනී  නාලිකාව 1.9 කින් මිල වැඩි කිරීමක්  සිදු කර ඇති අතර රජයේ රූපවාහිනී නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනිය  මිල ඉහළ දමා ඇත්තේ  1.7 කිනි.

 

විජය සමාගමට අයත් භාෂා තුනෙන්ම පලවන පුවත් පත් මිල නංවා තිබේ.

මැතිවරණ කාලය තුළදී පුවත්පතක සම්පුර්ණ පිටුවක වර්ණ දේශපාලන දැන්වීමක් පළ කිරීමේදී වැඩිම මුදලක් අය කරන්නේ දෙමළ බසින් මුද්‍රණය වන තමිල් මිරර් පුවත්පතයි.

සාමාන්‍ය වෙළඳ දැන්වීමක් පළ කිරීම සදහා රුපියල් එක් ලක්ෂ අසු පන් දහස මුදලක් අයකරන එම පුවත්පත මැතිවරණ දැන්වීමක් පළ කිරීම සදහා අය කරන මුදල රුපියල් තුන් ලක්ෂ පහලොස් දහසකි.

වෙරිටේ පර්යේෂණ ආයතනය පෙන්වා දෙන පරිදි එය 1.7 ක මිළ ඉහල දැමීමකි.

සිංහල බසින් මුද්‍රණය වන 'ලංකාදීප' පුවත්පත දේශපාලන දැන්වීම් පළ කිරීමේ ගාස්තුව 1.5 කින් ඉහළ දමා ඇති අතර ඉංශ්‍රීසි බසින් පළ කරන ඩේලි මිරර් පුවත්පත සිය මිළ ගණන් ඉහළ දමා ඇත්තේ 1.3 කිනි.

tv rate

 

දෙසතියක් තුළ කෝටි 70 ක් වියදම්:

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයතු සඳහා දෙසතියක් තුල ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂ කෝටි 70ක පමණ මුදලක් වියදම් කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV)පසුගියදා හෙළි කර තිබුනි.

''පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයතු සඳහා දෙසතියක් තුල ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂ කෝටි 70ක පමණ මුදලක් වියදම් කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV)පසුගියදා හෙළි කර තිබුනි.''

එම සංවිධානයේ වාර්තාවන්ට අනුව ජුලි මස 02 වනදා සිට 15 වෙනිදා දක්වා වූ ඡන්ද ප්‍රචාරණය සඳහා වැඩිම මුදලක් යොදවා ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි.

මිලියන 168 ක් විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණය වෙනුවෙන්ද මිලියන 6 ක් මුද්‍රිත මාධ්‍ය පිරිවැය ලෙසද මිලියන 2 ක් සමාජ මාධ්‍ය වෙනුවෙන් හා මිලියන 09 ක් වෙනත් පිරිවැය ලෙසින්ද එම සති දෙක තුල සජිත් ප්‍රේමදාසගේ නායකත්වෙයන් යුත් සමගි ජන බලවේගය මිලියන 185ක් වියදම් කර ඇති බව (CMEV) පවසයි.

ප්‍රචාරණ වියදම් ලැයිස්තුවේ දෙවන ස්ථානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව තිබුනේ එම කාලය තුලදී රුපියල් මිලියන 151ක පමණ මුදල් විය පැහැදම් කරමිනි.

එම කාලය තුල එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ප්‍රචාරණය වියදම් සදහා භාවිත කර ඇති බවට තක්සේරු කරන මුදල රුපියල් මිලියන 123 ක් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය රුපියල් මිලියන 36 ක් වියදම් කර ඇත්තේ  විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණය සදහා බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය වැඩි දුරටත් පෙන්වා දී තිබුනි.

election cost of party

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්