රිෂාඩ් බදියුදීන් අයථා ආකාරයෙන් උපයාගත් මුදල්, පාස්කු  ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට

තොරතුරු ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සාලිය සෙනරත් පවසා ඇතැයි  'අද' පුවත්පත පළ කර ඇති පුවත මුළුමනින්ම අසත්‍යය බවත්, එය තම මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අරමුණු සිදුකල කුමන්ත්‍රණකාරී ප්‍රකාශයක් බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

''පොලිස්  මාධ්‍ය ප්‍රකාශක මෙවැනි දෙයක් පවසා තිබෙනවා නම් මම වගකීමෙන් කියනවා මේක අසත්‍ය චෝදනාවක්.  මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ජනතාවට රටට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. අද අපි පොලිස්  මාධ්‍ය ප්‍රකාශක වරයාට සහ මේ පුවත පළකළ මාධ්‍ය ආයතනයට එරෙහිව එන්තරවාසියක් යවලා තියෙනවා. මේ වගේ අසත්‍ය පුවත් අපේ ඡන්දය ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කරන කුමන්ත්‍රණයක්.'' යයි අද (ජුලි 29) මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටියේය.

 

'අද' පුවත්පත් වාර්තාව :

'අද' පුවත්පත මිය අදාළ පුවත ඊයේ (ජුලි 28) වාර්තා කර තිබුනේ, අයථා ආකාරයෙන් උපයා ගත් බවට පවසන මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

දෙමටගොඩ තඹ කර්මාන්ත ශාලාවට අදාල සිදුකළ විමර්ශනවල දී මෙම තොරතුරු ලැබී ඇති බවත්, හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබිණ.

මේ සම්බන්ධව දිගටම පරීක්ෂණ කරන බවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා ගෙන යන බවත්, පාස්කු ප්‍රහාරයේ වරදකට රිෂාඩ් බදුයුදීන් සම්බන්ධ බවට තොරතුරු ලැබී නොමැති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසු බව 'අද' පුවත්පත වාර්තා කර තිබිණ.

''පාස්කු ප්‍රහාරයේ වරදකට රිෂාඩ් බදුයුදීන් සම්බන්ධ බවට තොරතුරු ලැබී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.''
- අද පුවත්පත (ජුලි 28)

 මෙම විමර්ශනයේ අනිකුත් කරුණු දැනට මාධ්‍ය වෙත අනාවරණය කළ නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

'අද' පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ රිෂාඩ් බදියුදීන් හිටපු අමත්‍යවරයා, ''අපි  ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ අපි හිටියේ  කැලේ නෙමෙයි. අපි ත්‍රස්ත ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරපු අය. අපිව ත්‍රස්තවාදී කල්ලි සමඟ සම්බන්ධ කරලා ඇත්ත ත්‍රස්ත ත්‍රස්තවාදය හංගලා ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට චෝදනා කරලා ඡන්දය ව්‍යාපාර කරන්න එපා කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා'' යයි වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්