මහින්ද රාජපක්ෂ තමන්ගේ රජ්ජුරුවන් බවත්, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් තමන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූ බවත්
'කොටුවේ පොඩි හාමුදුරුවන්' නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.
නාමල් රාජපක්ෂ මෙරට අනාගතය බවත් ඔහු ඒ පෙරමග ලකුණු පෙන්වමින් ඇති බවත් උන් වහන්සේ පවසති.
සාමාන්‍ය බණකට පවා රුපියල් 25,000කට අඩුවෙන් ආරාධනා බර නොගන්නා බව පසුගියදා ප්‍රකාශ කර තිබු උන්වහන්සේ, එම අදහස් පල කරන ලද්දේ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් හිරියාල ආසනයේ සංවිධානය කර තිබූ ජනහමු වේදිකාවකදිය.
මහින්ද ගැනවත් ගෝටාභය ගැනවත් නොසිතා සිංහලකම ගැන සිතා මෙම මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් 'පොහොට්ටුවට' ලබා දිය යුතු බවද උන් වහන්සේ එහිදී කියා සිටියහ.