මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන විචාරකයන්ගේ අවධානයට ලක්වූ දිස්ත්‍රික්ක අතරින් මාතර, කුරුණෑගල, ගම්පහ, ගාල්ල හා මහනුවරට

හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

එහිදී මාතරින් නිපුන රණවක, හම්බන්තොටින් නාමල් රාජපක්ෂ, ගම්පහින් ප්‍රසන්න රණතුංග, ගාල්ලෙන් වෛද්‍ය රමේෂ් පතිරණත්, මහනුවරින් දිලුම් අමුණුගම මනාප වලින් අංක එකට ගෙන ඒමටත් කුරුණෑගලින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉහලින්ම දිනවිමටත් අගමැති මහින්ද රාජපක්ෂ හා 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත් වෙහෙසක් දරමින් සිටියි.

මේ තත්ත්වය තුල අදාල දිස්ත්‍රික්කයන්හි 'පොහොට්ටු' පක්ෂයේ අභ්‍යන්තර දේශපාලනය උණුසුම් තත්වයක් ගෙන ඇති අතර මේවනවිට මහනුවර දිස්ත්‍රීක්කයේ එම තත්වය උත්සන්න වෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් ඔවුන්ගේ ම පුත්‍රයෙක් ලෙසින් දිලුම් අමුණුගමට දක්වන සුවිශේෂී  අනුග්‍රහය එම තත්වයට හේතුවී ඇත.

 

අගමැති මහින්දගෙන් සහතිකයක් :

dilum mahinda

2015 පරාජයෙන් පසු එකදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු 'මහින්ද සුළඟ' සමඟ එක්වන්නට නොහැකිව අවිනිශ්චිතව සිටින මොහොතක, දිලුම් අමුණුගම මහින්ද සුළඟ දෙවන රැස්වීම් වේදිකාවට ප්‍රවිෂ්ට වුණේ දැඩි අවදානමක් දරාගෙන බව අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මහනුවර 'පොහොට්ටු' ක්‍රියාකාරීන් පිරිසක් කැඳවා ප්‍රකාශ කර තිබිණ.

''2015 පරාජයෙන් පසු එකදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු 'මහින්ද සුළඟ' සමඟ එක්වන්නට නොහැකිව අවිනිශ්චිතව සිටින මොහොතක, දිලුම් අමුණුගම 'මහින්ද සුළඟ' දෙවන රැස්වීම් වේදිකාවට ප්‍රවිෂ්ට වුණේ දැඩි අවදානමක් දරාගෙනයි.'' -අගමැති මහින්ද

එහිදී අගමැතිවරයා මෙසේද සඳහන් කර තිබිණ.

''විමල් ගම්මන්පිල දිනේෂ් ඇරඹූ මහින්ද සුළඟ අරගලයට ඒ වන විට නිදහස් පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු එක්ව සිටියේ නැහැ. විශාල දේශපාලන අනාගතයක් හිමි තරුණ මන්ත්‍රීවරයෙක් වන දිලුම් ඒ මොහොතේ ගත් අවදානම ඔහුගේ සම්පූර්ණ දේශපාලන ජීවිතේම වෙනස් කරන්නට තරම් ප්‍රබල එකක්.
ඒ මොහොතේ ඒ අරගලය අසාර්ථක වුණා නම් දිලුම් දේශපාලනිකව  අසරණ වන්නට ඉඩ තිබුණා. ''

නමුත් ඒ දැවැන්ත අවදානම පසෙකලා තමන් නියෝජනය කරන කඳවුර වෙනුවෙන් කෙලින් හිට ගන්නට සමත් පිටකොන්දක් දිලුම් අමුණුගම ට තිබීම පොදුජන පෙරමුණේ ආරම්භය සනිටුහන් කරන්නට සමත් වූ අවස්ථාවක් බව අගමැතිවරයා සඳහන් කර තිබේ.

 

එක මනාපයක් දිලුම්ට දෙන්න - අගමැති

සෙංකඩගල තමන්ට හිමි ආසන සංවිධායක ධුරයද අහිමි කරගනිමින්, දිලුම් මහනුවර දිස්ත්‍රික්කය තුළ නායකත්වය ලබා දුන් බව සිහිපත් කර ඇති අගමැතිවරයා,  ඒ පිළිබඳ කළගුණ සලකන්නට මෙවර මැතිවරණය තුළ සෑම පොහොට්ටු පාක්ෂිකයෙක් ම දිලුම් වෙනුවෙන් එක මනාපයක් වෙන් කිරීමට පොළඹ වන්නැයි එම හමුවේදී මහනුවර ක්‍රියාකාරීන් ගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිලුම් අමුණුගම කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇතැයි එහිදී සඳහන් කර ඇති අගමැතිවරයා, දිලුම් අමුණුගම මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙවර පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති බවත්, මහනුවර නගරයේ දැවැන්ත ම ගැටලුව වන වාහන තදබදය නැති කිරීමට ජපන් සමාගමක් සමග එක්ව විදුලි දුම්රිය පද්ධතියක් ඉදි කිරීමට සැලසුම් කොට ඇති බවත් පවසා තිබේ.

එමෙන්ම මහනුවර දිස්ත්‍රීක්කයේ ව්‍යවසායක අවස්ථා වැඩි කිරීමට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් මහනුවර දිස්ත්‍රික්කය තුළට ගෙන එන්නට දිලුම් සතුව වැඩපිළිවෙළක් තිබෙන බවද අගමැතිවරයා මෙම හමුවේ දී  වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දිලුම්ගේ කොන්ද ගැන විමල් කියන කතාව

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මීට ඉහතදි  පැවසුයේ, දිලුම් අමුණුගමට ඇති කොන්ද කන්ද උඩරට නියෝජනය කළ ඇතැමුන්ට නොතිබුන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්