සමරිසි ලිංගික අභිලාශයන්ගෙන් යුක්ත වීම රෝගී තත්ත්වයක් නොවන බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි පවසයි.


කිසියම් පුද්ගලයෙකු තුළ විසම ලිංගික හෝ සමලිංගික අභිලාශයන් පැවතිය හැකි බවත් ඒ කිසිවක් මානසික රෝග නොවන බවත් ලිංගිකත්වයේ දිශානතිය මත මිනිසුන් කොන් නොකළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

වැඩිහිටියන්ගේ ලිංගික අයිතිය පිළිගන්නා නමුත් සියලු ආකාරයේ ළමා අපචාර සහ සියලු ආකාරයේ ලිංගික අතවර පිළිකුලෙන් යුතුව බැහැර කරන බව විමල් කැටිපෙආරච්චි අවධාරණය කරයි.

සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී විමල් කැටිපෙආරච්චි එබව සඳහන් කර සිටියේ,  සමරිසිභාවය "රෝගයක් ලෙසට'' සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රීක් අපේක්ෂක වෛද්‍ය කාවින්ද ජයවර්ධන සිදුකළ ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුවූ කතාබහක දිය.

 

''අපි නිසැකවම සහ නොබියව පෙනී සිටිනවා''

මෙම කාරණය සම්බන්ධයෙන් අද සිය FB පිටුවේ සටහනක් පළකර ඇති විමල් කැටිපෙආරච්චි මෙසේ සඳහන් කර තිබේ.

''සමරිසි සහ සංක්‍රාන්තික සහෝදරත්වය වෙනුවෙන් අපි නිසැකවම සහ නොබියව පෙනී සිටිනවා.  සිරුරේ වෙනස්කම් මත හෝ ලිංගික අභිලාෂයන්ගේ වෙනස්කම් මත කිසිවෙකු අපහාසයට පරිභවයට කොන්වීමට හුදෙකලා කිරීමට ලක් නොවිය යුතු යැයි අප තරයේ විශ්වාස කරනවා. සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ලොව පුරා නිදහස් පතන ජනයා සමඟ අප ඉතා කැමැත්තෙන් අත්වැල් බැඳගන්නවා.''

ketipe

හාවි බර්නාඩ් මිල්ක් යනු හැත්තෑව දශකයේදී ඇමරිකා එක්සත් ජනපදය තුළ සමකාමී ප්‍රජාව වෙත සමාන අයිතිවාසිකම් දිනා දෙනු වස් හඬ නැගූ දේශපාලනඥයෙකි.

1972 වසරේදී ඔහු නිව්යෝක් සිටි (New York City) සිට සැන් ෆ්‍රැන්සිස්කෝ (San Francisco) හි කැස්ත්‍රෝ දිස්ත්‍රික්කය (Castro District) වෙත පදිංචිය සඳහා පැමිණියේ සමරිසි (Gay) සහ ද්විලිංගික (Bisexual) පුරුෂයන් විශාල වශයෙන් එම ප්‍රදේශය වෙත සංක්‍රමණය වෙමින් සිටියදීය.

එවක සමරිසි පුරුෂයන් පොලිසියේ වධ හිංසාවලට ලක් වූ අතර රාත්‍රී කාලයේ උද්‍යාන තුළ පෙම් සුව විඳි පුරුෂයන් අත්අඩංගුවට ගනු ලැබිණි. කතෝලික භක්තිකයන්ගේ ඡන්දය ලබා ගැනීමේ අටියෙන් ප්‍රාදේශීය දේශපාලනඥයෝ සමරිසි ප්‍රජාවට සමාන අයිතිවාසිකම් ලබා දීමට එරෙහිව පෙනී සිටියහ.

එකී වකවානුව වනාහි, සමරිසි තරුණයන්ට මානසික ප්‍රතිකාර ලබා දීමට ඇතැම් දෙමව්පියන් කටයුතු කළ යුගයකි.

හැටේ දශකයේ අග භාගය වන විට පොලිසිය ද ඇතුළුව අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් වෙතින් සමකාමී පුරුෂයන් වෙත එල්ල වූ වධ හිංසා සහ අපරාධ නීතියට එරෙහිව සමරිසි ප්‍රජාව තුළින් සිවිල් ව්‍යාපාර බිහි විය. හතලිස් ඇඳිරියේදී දේශපාලනික වශයෙන් ක්‍රියාශීලී වූ හාවි ඇතුළු කණ්ඩායම ද ඒ අතර වූහ.

පරාජයන් කිහිපයකට අනතුරුව සමකාමී ප්‍රජාවගේ මෙන්ම සෙසු ජනතාවගේ ද සහාය ඇතිව හාවි ප්‍රාදේශීය අසුනක් දිනා ගනු ලැබුවේ 1977 වසරේදීය.

hav moskon

ලිංගික දිශානතිය (Sexual orientation) මත පදනම්ව නවාතැන් දීම, නිවාස සහ රැකියා සම්බන්ධයෙන් සමරිසි ප්‍රජාවට කෙරුණු වෙනස් ලෙස සැලකීම් (Discrimination) වළකාලන පනතක් ගෙන ඒමට ඔහු කටයුතු කළේය. අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 11 ලැබුණු අතර ඊට එරෙහිව ලැබී තිබුණේ ඡන්ද 1 ක් පමණි. ඒ අනුව නගරාධිපති ජෝර්ජ් මොස්කෝන්ගේ අත්සනින් එය නීතියක් බවට පත් විය.

නාගරික අධීක්ෂකවරයෙකු (City supervisor) වශයෙන් මහජන සේවය නිරත වූ හාවිගේ ධුර කාලය මාස 11 ක් වැනි කෙටි කාලයකට සීමා වූයේ තවත් නාගරික අධීක්ෂකවරයෙකු විසින් ඔහු සහ නගරාධිපති ජෝර්ජ් මොස්කෝන් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම හේතුවෙනි.

හාවි ඝාතනය වී පනස් වසරක් ගතව ඇති අතර සමරිසිභාවය "රෝගයක් ලෙස" සැලකූ එවක ඇමරිකානු සමාජය අද වන විට සමරිසි ප්‍රජාවට සම අයිතිවාසිකම් දීම විවාහය දක්වාම ඉදිරියට ගොස් ඇත.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image