කොරෝනා වෛරසය ආසාදනය වූ පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියාගේ ආශ්‍රීතයින්

දහසක් අද (31) දිනයේ PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඒවායේ ප්‍රතිඵල ලැබීමෙන් පසු ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබද අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

දිස්ත්‍රීක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි 'නෙත් නිවුස්' වෙත සදහන් කළේ, ඊයේ (30) රාත්‍රීයේ ද අදාළ කොරෝනා ආසාදිතයාගේ සමීපතමයින් 325 දෙනෙකු PCR පරීක්‍ෂණවලට ලක් කළ බවයි. පවුල් 300 කට අධික පිරිසක් මේ වනවිටත් ස්වයං නිරෝධායනයට ලක් කර අවසන් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ සමීපතමයින් සෙවීම සදහා සෞඛ්‍ය, ආරක්‍ෂක හා බුද්ධි අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි.

මෙම නිලධාරියා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙකු වුවත් ඔහුට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බව දිස්ත්‍රීක්  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි පැවසිය.

මේ අතර ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් සඳහන් කළේ මෙම නිලධාරියා සමග සමීපව ඇසුරු කළ බව කියන ඇතැම් ආශ්‍රීතයින් පොළොන්නරුව, හිඟුරග්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක විසිරි සිටින බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්