අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි විශිෂ්ඨ ගනයේ රහස් පරීක්ෂකයකු ලෙස සැලකෙන එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත

කෙරේ. ඒ, ඔහු ඊයේ (ජුලි 31) රාත්‍රීයේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ  (අගෝස්තු 31) උදෑසන 7.05ට පමණ ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි. පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

2013 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. ඒ, ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේය. එම සිද්ධියට අදාළ ගිනි අවි ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයෙන් සොයාගෙන තිබිණ.

එහෙත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, ආයුධ සොයාගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින්, මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බව ප්‍රකාශ කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ, ශානි අබේසේකර විසින් අදාළ ස්ථානයට ගිනි අවි ගෙනවිත් දමා ඒවා එම ස්ථානයෙන් සොයාගත් බවට අසත්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බව එහිදී අනාවරණ වී ඇති බවයි. 

ශානිට ජම්පර් අන්දන බවට දිගින් දිගටම තර්ජන !

''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරව කෙසේ හෝ සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් මෙන්ම, ඔහු විසින් සිදුකරනු ලැබූ විමර්ශනයන්හි ප්‍රතිපලයක් ලෙස සිරගතවූ පුද්ගලයින් පිරිසක් ද සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තාවේ. ඔහුව පටලවමින් එකින් එකට චෝදනා ගොනුකරන්නේ ඒ අරමුණින් යුතුව බවද පැවසේ.''

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරව කෙසේ හෝ සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් මෙන්ම, ඔහු විසින් සිදුකරනු ලැබූ විමර්ශනයන්හි ප්‍රතිපලයක් ලෙස සිරගතවූ පුද්ගලයින් පිරිසක් ද සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තාවේ.

ඔහුව පටලවමින් එකින් එකට චෝදනා ගොනුකරන්නේ ඒ අරමුණින් යුතුව බවද පැවසේ.

අනාගතයේ බිහිවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරව සිරගත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමයක් වන "නීතීඥ සංවිධාන ජාතික එකමුතුව" විසින් මිට ඉහත දී තර්ජනය කර තිබිණ. එම සංගමයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ ඉතාම පැහැදිලිව එබව අවධාරණය කර තිබිණ.  

'සතුරු' දෙපාර්තමේන්තුවක් විසුරුවා හැරි හැටි ..

 111037107 cf7ba540 4543 4463 bfbf 53cf84267213
ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ වහාම, ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව 'ප්‍රතිසංවිධානය' කිරීමට ක්‍රියාකල අකාරය හිටපු පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබිණ. 

පොලිස් දෙපාර්තමේන්තුවෙන් යම් පමණකට ස්වාධීනව ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට බඳවා ගැනෙන්නේ ඝාතන, මූල්‍ය වංචා සහ බරපතළ ගණයේ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ හැකි ඉහළ දක්ෂතා සහිත විමර්ශන නිලධාරීන්ය. එහි සිටි නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් එම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ විශේෂඥයින් පිරිසක් වූහ.

එය, දැවැන්ත පුද්ගලයින් ඉලක්ක කිරීමට බිය නොවීම නිසා හොඳ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට පටන් ගත් දෙපාර්තමේන්තුවක් විය.

රහස් පොලිස් නිලධාරීන්ට රටින් පිටවීම තහනම් කිරීම :

ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසුව ෂානි අබේසේකර යටතේ සේවය කළ නිශාන්ත ද සිල්වාට සිය ජිවිත ආරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා යාමට සිදුවිය. ඔහු විදෙස්ගත වීම සම්බන්ධයෙන් කෝපාවිෂ්ට වූ ආණ්ඩුව, එසැණින් ක්‍රියා කළේ, 700කට අධික අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කිරීමටය.

පසුව ජනවාරි මාසයේදී ෂානි අබේසේකර ඔහු දැරූ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයෙන් පහ කෙරිණි. ඒ, 2011 වසරේදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දේශපාලන සංවේදී ඝාතන සිද්ධියක් පිළිබඳව හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක සමග කළ බව කියන දුරකතන සංවාදයක් සැලකිල්ලට ගනිමිනි.

දැනට විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට වාසිදායක දේශපාලනික මෙහෙයුම්වල නිරත වූ බවට රහස් පොලිසියට චෝදනා කළ ආණ්ඩුව, ඔවුන් වෙනුවට වෙනත් අය පත්කරනු ලැබිය.

රාජපක්ෂවරුන්ට ඇති අවධානම !


lassi c                         නාඳුනන පිරිසක් විසින් මහමගදී පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරන ලද සිද්ධි දෙස බැලීමෙන් ඒ හරහා නව රජයට ඇති අවදානම කුමක් ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.

ෂානි අබේසේකර සහ නිශාන්ත ද සිල්වා ලෝකයේ ම ශීර්ෂපාඨ බවට පත්ව තිබූ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ. 

එම විමර්ශන අතර 2009 වසරේදී නාඳුනන පිරිසක් විසින් මහමගදී ඝාතනය කරන ලද පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබද විමර්ශනය ද විය.

රාජපක්ෂ පාලනයේ නිර්දය විවේචකයෙකු වූ ලසන්ත වික්‍රමතුංග, එම වකවානුවේ ආරක්ෂක ගනුදෙනුවල දී සිදුවූ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් වාර්තා කළේය.

එක්නැලිගොඩ අතුරුදන්වීමේ විමර්ශනය සේ ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය ද 2015දී යළිත් ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. 

2016 වසරේදී අදාළ සිද්ධියට තමන් වගකිව යුතු බවත් සෙසු පිරිස නිර්දෝෂී බවත් සඳහන් කරමින් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙකු සටහනක් තබා සිය දිවි නසා ගත් බවට දේශීය මාධ්‍ය වාර්තාවල පළවූ විට එමKeith text විමර්ශන සම්බන්ධයෙන් අඳුරු ආපසු හැරීමක් සිදු විය.


'ද නේෂන්' පුවත්පතේ සහකාර කර්තෘවරයාව සිටි කීත් නොයාර්ට පහර දී පැහැරගෙන යාම තවත් සිද්ධියකි. 2015 වසරේ මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමෙන් පසු නව ආණ්ඩුවක් බිහිවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී මේජර් ජනරාල්වරයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

ශානි අබේසේකරට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් තිගැස්මකට ලක්ව ඇති ක්ෂේත්‍රයේ සිටින ඇතැමුන් පවසන්නේ, ඔවුන්ට යම් අවිනිශ්චිත හැඟීමක් දැනෙන බවයි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මෙය ආණ්ඩුවේ දේශපාලන දඩයමේ තවත් එක් පියවරක් බවත් 'සමගි ජන බලවේගයේ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබිණ.
 

Screen Shot 2020 08 01 at 10.17.25 AM
මෙම අත් අඩංඟුවට ගැනීම හෙළා දකිමින් මංගල සමරවීර ද ට්වීට් පනිවිඩයක් නිකුත් කර තිබේ. එජාපය හෝ ජවිපෙ තවම මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශකර නොමැත. 


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
කවුද මේ ශානි අබේසේකර ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්