පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා ජනතාව තමන්ගේ නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේදී සිංහල - දෙමළ කියා භේදයක් තබාගත යුතු නැති බවත් එහිදී තීරණය ගත යුත්තේ හොඳ නියෝජිතයෙකු තෝරගන්න බව

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසයි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් පොදුජන පෙරමුණ අපේක්ෂක හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයකු වන මුත්තයියා ප්‍රභාකරන් ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඊයේ (01) හැටන් රොසැල්ල හිදි පැවති ජනහමුවක් අමතමින්ය.

එසේම මෙච්චරකල් තමන් ජන්දය දුන්නේ අහවල් අපේක්ෂකයා හෝ අහවල් පක්ෂයේ අපේක්ෂකයාට කියා වෙනසක් තිබිය යුතු නැති බවත්, ප්‍රදේශයේ ප්‍රශ්න විසඳන්න කැපවෙන ජනතාවට සේවය කරන අයෙකු තමන් නියෝජනය කරන නායකයා ලෙස පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ යුතුකම බවත් ඔහු පැවසීය.

මේ වන විට ඇතැම් අපේක්ෂකයන් සිංහල දෙමළ යනුවෙන් බෙදා වෙන්කර ජන්ද සහ මනාප සෙවීමට උත්සාහ කරන බවත් එය අනුමත කළ නොහැකි හැසිරීමක් බවත් ඔහු පැවසීය.


මුරලි වගේම ප්‍රභූ ගැනත් සහතිකයක් දෙන්න පුළුවන් !


එසේම ඉදිරි ජනතා නියෝජිතයෙකු ලෙස මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් ගැන පැහැදිලි සහතිකයක් දීමට හැකි බවත්, ඔහු මෙතෙක් මුත්තයියා මුරලිදරන්ගේ සමාජ සත්කාර කටයුතු කළා සේම ඉදිරියේ දී ආණ්ඩුව වෙතින් ජනතාවට ලබාගැනීමට හැකි සෑම දෙයකින්ම ජනතාවට සේවය කරන බවට සහතික විය හැකි බවත් පැවසීය.

එබැවින් මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය වෙතින් වෙනසක් කිරීමට ආරාධනා කරන බවත් මුත්තයියා ප්‍රභාකරන් දිස්ත්‍රික්කයේ අංක 1 කරමින් ඒ වෙනස සිදු කිරීමට එක්වන ලෙසත් ඔහු ජනතාව ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

''දිනුවත් පැරදුණත් සමාජ සත්කාරයේ කිසිම අඩුවක් කරන්නේ නෑ'' - මුත්තයියා මුරලිදරන් 

02 hatton rosella.00 15 08 18.Still0033
මෙහිදී ජන හමුව ඇමතූ මුත්තයියා මුරලිදරන් පවසා සිටියේ, තමන් ක්‍රිකට් ක්‍රීඩකයකු මිස දේශපාලනඥයකු නොවන බවත් වසර 22ක් පුරාවට සිදුකළ සමාජ සත්කාර වැඩසටහන නුවරඑළිය පදනම් කරගත් ශාකා 8 ක් හරහා තවත් විධිමත් සහ පුළුල්ව ජනතාව වෙත සැපයීම ප්‍රමුඛ අපේක්ෂාව වන බවය.

තම සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන් දේශපාලනය වෙත ආවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැඩි ඉල්ලීම නිසා බවත් ඔහු පැවසීය.

" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මට තමයි මුලින්ම අපේක්ෂකත්වය අරගෙන දේශපාලනයට එන්න කියලා. නමුත් මම දේශපාලනයට එන්න කැමති නෑ. ඒත් ජනාධිපතිතුමන් දිගින් දිගටම බල කරලා කිව්වා, ජනතාව වෙනුවෙන් හරි සේවයක් කරන්න එකතු වෙන්න කියලා. ඒ අනුව තමයි මම මගේ මල්ලිව ඉදිරිපත් කළේ. මම විශ්වාස කරනවා ඔහු මෙතෙක් සාම්ප්‍රදායික දේශපාලනඥයකුට වඩා දෙයක් ඔබට කරනවා. 

ඒ නිසා මම සහ මගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් ගැන විශ්වාසයක් ඇත්නම් මනාප තුනෙන් එකක් ඔහුට දෙන්න. නමුත් මම පැහැදිලිව කියනවා මගේ මල්ලි ප්‍රභූ මේ මැතිවරණය දිනුවත් පැරදුණත් අපේ සමාජ සත්කාර වල කිසිම අඩුවක් කරන්නේ නෑ කියලා.''



02 hatton rosella.00 09 49 01.Still00222

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්