තමා මාතර දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයකු නම්, මෙම මැතිවරණයේදී ජාතික ජන බලවේගය 'මාලිමාව' ලකුණ යටතේ
මාතර දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව සිටින සුනිල් හඳුන්නෙත්ති වෙනුවෙන් අනිවාර්යයෙන් ම ඡන්දය ලබාදෙන බව 'කලම්බෝ ටෙලිග්රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
ප්‍රවීන දේශපාලන විචාරකයකු වන ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය FB පිටුවේ සටහනක් තබමිනි.
එම සටහනේ මෙසේ ද සඳහන් වේ.
''මම විශ්ව විද්‍යාල කාලෙ ඉඳන් දන්නව සුනිල් හඳුන්නෙත්තිව. මට පහල බැච් එකේ වෙන කෝස් එකක් කරපු කෙනෙක්, අපි හඳුන්නෙත්තිලාට විරුද්ධව හිටියෙ හැමදාම.
සුනිල් ඉතාම දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. ඉඟෙනීමට ඉතාම දක්ෂයි. ධර්මාශෝකෙ පංතියෙ පලවෙනිය. දෙවෙනියත් එයත් එක්කම විශ්ව විද්‍යාලෙ ආව. දෙවෙනිය සෙට් උනේ මම කරපු දේශපාලනේ එක්ක. එයා දැන් කැනඩාවෙ හොඳින් ජීවත් වෙන සල්ලි තියෙන ලොකු මහත්තයෙක්.
සුනිල් නතර වෙලා හිටියෙත් අම්බලන්ගොඩ ඒ පන්තියෙ දෙවෙනියගෙ ගෙදර. සුනිල් ව්‍යාපාර පරිපාලන උපාධිය කරේ. ඒ උපාධිය කරන්න කොමස්වලින් වැඩිම ලකුණු ගන්න ඕනෙ. අනික චාටඩ් L2 වෙනකම් කරපු කෙනෙක්, දිගටම කරානම් ඒකත් ගොඩ.
ඔය නිකන් කොණ්ඩෙ කපාගෙන, යාලුවො දෙන කමිස ඇඳන් දේශපාලනේ කරන්න ඕනෙ නැහැ. රස්සාවක් කරන් සමාජය ගැන වැඩ නොකර හිටියනම් මේ වෙනකොට කෝටිපතියෙක් වෙලා ඉන්න තිබ්බ.
''ඔය නිකන් කොණ්ඩෙ කපාගෙන, යාලුවො දෙන කමිස ඇඳන් දේශපාලනේ කරන්න ඕනෙ නැහැ. රස්සාවක් කරන් සමාජය ගැන වැඩ නොකර හිටියනම් මේ වෙනකොට කෝටිපතියෙක් වෙලා ඉන්න තිබ්බ.''
අනික මම ඒ කාලෙ විරුද්ධ වෙච්ච ජවිපෙත් නෙමෙයි දැන් තියෙන්නෙ, පොඩි පොඩි අප්සෙට් තිබ්බට සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ඒක දැන්. අනික මේක ජාතික ජන බලවේගය. මම කිසිම පක්ෂයකට විශේෂයෙන් සපෝට් කරන්නෙ නැහැ. ඒත් සුනිල් හඳුන්නෙත්ති වෘත්තීය දේශපාලකයෙකු විදියට ගොඩාක් ඉදිරියට ගිහින් ඉන්න කෙනෙක්.
පාර්ලිමේන්තුවෙ කාර්ය සාධනය අතින් Overall Rank එකෙන් පස්වෙනිය, District Rank එකෙන් දෙවැනිය. මට හඳුන්නෙත්තිගෙ සාක්කුවෙ iPhone කොච්චර තිබ්බත් ප්‍රශ්ණයක් නැහැ. ඕක බොරුවක්, ඒත් iPhone තිබ්බත් මට මොකද?
''හොඳට පත්තියන් වෙච්ච බ්‍රෝ කෙනෙක්''
මමයි අපේ සෙට් එකයි උගේ පන්තියට දේශණාවක් දෙන්න ගියාම, මූ කිව්ව මට "ජුන්ට" කියල. මම ඇහැව්ව උගෙන් මොකක්ද ජුන්ට කියන්නෙ කියල. උන් - ඒ කියන්නෙ - ඒ ලෙක්චර් හෝල් එකේ හිටපු කාටවත් පැහැදිලි කරල දෙන්නෙ බැරි උනා ඒක. ඒත් දැන් ඩයින හොඳට පත්තියන් වෙච්ච බ්‍රෝ කෙනෙක්. එයාට විරුද්ධව මොනව හරි තියෙනවනම් මෙතනම යට ලියන්න ප්ලීස්!!! මම මාතර නම් මම ඌට ඡන්දෙ දෙන්නෙ. ''
ප්‍රකට කාටුන් ශිල්පී අවන්තගේ ඉහත කාටුනය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.
''මරු කාටූන් එක අවන්ත. මම හැමදාම අවන්තගෙ කාටූන් රසවිඳිනව. උදේ නැගිටිනකොට මේ කාටූන් එකට ලොකු වලියක් කියල දැක්කෙ. ෆේස්බුක් ජෙප්පො කුපිත වෙලා අවන්ත නිස්සංක සේනාධිපතිගෙන් සල්ලි අරන් කියල කියල අවන්තට මඩ ගහනව. බයියො කියන අය ඒවයි මේකයි දෙකම අරන් ගහනව.
හඳුන්නෙත්තිට දිනන්න එයා ෆෝස් ඡන්ද ඕනෙමයි. හඳුන්නෙත්ති පොලිස්. මාතර දේශපාලනේ දන්න අය ඕක දන්නව. බුද්ධික පතිරණ තමා ඉස්සෙලම මංගලගෙ එයා ෆෝස් ඡන්ද ගන්න එලිපිටම කතාවක් දුන්නෙ. එයා දින්නම යූඑන්පී එකෙන් මාතරට එයා ෆෝස් එකෙන් සම සංවිධායක කෙනෙක් දානව කියල බුද්ධික මල්ලි කිව්ව.
ඔය යටින් යන එක එලිපිට කිව්වම මොකද වෙන්නෙ? පොලිස්කාරයෙක්ටත් එයා ෆෝස්කාරයෙක් ඕන වෙනව ගංවතුරක් එනකොට! වෙල්ඩන් අවන්ත බෝයි!!
සුනිල් පාර්ලිමේන්තුවට පත්විය යුතු බව සියලු පක්ෂ කියයි :
කෝප් කමිටුවේ සභාපති ලෙස සුවිශාල කාර්ය භාරයක් ඉටුකල ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මීළඟ පාර්ලිමේන්තුව ද නියෝජනය කලයුතු ම අයකු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරන දේශපාලන නායකයින් පවා කියා සිටිති.
මාතර දිස්ත්‍රීක්කයෙන් මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින එහි මාතර දිස්ත්‍රීක් කණ්ඩායමේ නායක බුද්ධික පතිරණ පවා පවසන්නේ, සුනිල් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු ම දේශපාලනඥයකු බවයි.
සබැඳි වීඩියෝ :