ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් One-Text Initiative ආයතනය විසින් ඡන්ද දායකයින්ට අගෝස්තු 5 වන දින ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි. අගෝස්තු 01 වන දින එම ආයතනය

විසින් දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගනිමින් අන්තර් ජාලය ඔස්සේ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කරනු ලැබීය.

කෝවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව ඡන්ද පොළට පැමිණීමේ අඩුවක් ඇති විය හැකි බවත් එසේ වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය ආරක්ෂා කරගැනීම සඳහා බරපතල බාධාවක් වනු ඇති බවත්, එමනිසා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව උදෙසා සිය ඡන්ද බලය තමන් කැමති ඕනෑම පක්ෂයක් වෙනුවෙන් භාවිතා කිරීම සඳහා ඡන්ද පොළට පැමිණෙන ලෙස මෙහිදී සහභාගී වූවන් ඒකමතිකව ජනතවගෙන් ඉල්ලා සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම්, නීතිඥ සුනිල් වටගල, ආචාර්ය විජය කුමාර්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, විශාකා සූරියබණ්ඩාර, නිසාම් කාරියප්පර්, වෛද්‍ය වින්‍යා ආරියරත්න, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය මහේෂ් හපුගොඩ සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

One-Text Initiative ආයතනය විසින් වැඩසටහන මෙහෙයවන ලද අතර එහිදී දේශපාලන පක්ෂ ක්‍රියාධරයන් සහ සිවිල් ක්‍රියාකාරීන් මතුකළ අදහස් අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව උදෙසා සිය ඡන්ද බලය පාවිච්චි කරන මෙන් ජනතාවට ආයාචනය කරන එම ආයතනය , අගෝස්තු 5 වනදා සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්ද පොළට ගොස් තමන් කැමති පක්ෂයකට ඡන්දය පළකිරීමට කටයුතු කරන මෙන් සියලුම ඡන්ද දායකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

#One #Text #Initiative #Parlimentelection2020 #SriLanka #GenElecSL2020 #LKAElections2020 #Mahinda #Rajapaksa #MR #PM #SriLanka #LK #SL #SLPP #Gotabaya #Rajapaksa #United #National #Party #UNP #Ranil #Wickremesinghe #LK #SL

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්